Home News Breaking ඔබව විනාස කරන ඔබ නොදත් ඔබ කන මස්

ඔබව විනාස කරන ඔබ නොදත් ඔබ කන මස්

4,107 views

මෙරට වෙළඳපොලේ ඇති මස් වර්ග කීපයක් අලලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා අංශය සිදුකළ පර්යේෂණයකදී එම සතුන්ගේ අක්මාව තුළ විස ආසනික් සංඝටක ඇති බව අනාවරණය වී තිබෙනවා.

සතුන් වර්ධනය කිරීම සඳහා හෝර්මෝන, විටමින් සහ ඛනිජ ලවණ සහිත ආහාර ලබාදන අතර සතුන්ගේ බඩවැල් ආශ්‍රිතව ජීවත්වන කුඩා ජීවීන් විනාශ කිරීම සඳහා මෙලෙස ආසනික් අඩංගු සංඝටක ද ලබාදෙනු ලබන අතර කුකුළන්ට කාබනික වශයෙන් ලබා දෙන සංඝටක උදරය තුළදී විස ආසනික් සංඝටක බවට පත්වන බව ඔවුන් පෙන්වා දෙනවා.

රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය බී.ඒ. පෙරේරා වැඩිදුරටත් සදහන්කලේ දිවයින පුරා වෙසෙන ළමා, තරුණ, වැඩිහිටියන් ඇතුලූ බොහෝ පිරිස් ආහාර පිණිස මස්වර්ග අනුභව කරන බවත් සිරුරට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අතරින් ප්‍රධාන වශයෙන් මස්වල ප්‍රෝටීන, මේදය, කොලෙස්ටරෝල්, සෝඩියම් සහ පොටෑසියම් වැනි සංඝටක ඉන් ලැබෙන බවත්ය.

කෙසේ වෙතත් මස් පිළිබඳව සදහන් කරන විට වැඩි වශයෙන් ජනතාව ආහාරයට ගන්නා මස්වර්ගය වන කුකුළු මස්වලට ප්‍රධාන තැනක් හිමිවන බවත්
ආසන්න වශයෙන් සති 14 ක් පමණ වයසැති බ්‍රොයිලර් කුකුළන් මස් පිණිස යොදාගන්නා බවත් කුකුළු මස් වර්ග කීපයක් උපයෝගී කරගෙන මෙම පර්යේෂණය සිදුකළ බවත්ය.
වැඩි දුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරිය කියා සිටියේ සති 14 ක් වයසැති බ්‍රොයිලර් කුකුළන් වර්ධනය කිරීම සඳහා හෝර්මෝන, විටමින් සහ ඛනිජ ලවණ සහිත ආහාර ලබාදන අතර කුකුළන්ගේ බඩවැල් ආශ්‍රිතව ජීවත්වන කුඩා ජීවීන් මරණයට පත්කිරීම සඳහා ආසනික් අඩංගු සංඝටක ලබාදෙන බවත් කුකුළන්ගේ බඩවැල් ආශ්‍රිතව සිටින කුඩා ජීවීන් මරණයට පත්වූ විට ආහාර වැඩිපුර ගැනීමේ හැකියාව ඔවුන්ට ඇතිවෙනව බවයි. ඒ අනුව කුකුළන් හොඳින් වර්ධනය කරගැනීමට හැකියාව ලැඛෙන අතර මෙසේ බ්‍රොයිලර් කුකුළන් කෙටිකාලීනව වර්ධනය කරගැනීමට කාබනික වශයෙන් ආසනික් අඩංගු සංඝටකය ලබාදුන්න ද ඔවුන්ගේ උදරය තුළදී එය විස ආසනික සංඝටකයක් බවට පත්වන බවයි.

සාමාන්‍යයෙන් ආසනික් බැර ලෝහ ගණයට අයත්වන අතර මිනිස් සිරුරට ඇතුළුවූ විට ශරීරයෙන් බැහැර වෙන්නේ නෑ. මෙම පර්යේෂණයේදී බ්‍රොයිලර් කුකුළු මස් අපි විවිධ ආකාරයෙන් පිසීමට ලක්කළා. සුදුළුණූ, සියඹලා සහ දෙහි සමඟ තනි තනිව උයා බැලූවා. කුළු බඩු යොදාගෙන විවිධාකාරයෙන් පිසීමට ලක්කළා. එහෙත් එහි ඇති ආසනික් අඩු නොවන බව සනාථ වුණා. දිගු කාලීනව ආසනික අඩංගු කුකුළු මස් ආහාරයට ගැනීම නිසා එම බැර ලෝහ මිනිස් සිරුරේ තැන්පත්වෙනවා. පර්යේෂකයන් සිදුකළ පර්යේෂණවලට අනුව කුකුළු මස්වල පීකුදුවල වැඩිවශයෙන් විස සහිත ආසනික් තැන්පත් වන බව සොයාගැනීමට හැකිවුණු බවද ඇය කියා සිටියා.

මෙම පර්යේෂණයෙන් තහවුරුවන පරිදි වඩා සැලකිල්ලට ලක්විය යුත්තේ කුකුළු මස් අනුභව කිරීමේදී පීකුදු ආහාරයට ගැනීම අවම කිරීමත් මෙවැනි විස ආසනික දිගු කාලීනව ශරීර ගතවීමෙන් පිළිකා තත්ත්ව ඇතිවීම, ශරීරයේ අභ්‍යන්තර පද්ධතිවලට විසවීම ඇතුලූ නොයෙකුත් අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකි බවත් ඇය පෙන්වා දෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site