Home News Breaking කටුනායක ගුවන් තොටුපොළේ දී මගියෙකු මියයයි

කටුනායක ගුවන් තොටුපොළේ දී මගියෙකු මියයයි

SHARE

සෞදි අරාබියේ ජෙඩා සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටි ගුවන් මගියෙකු අද (02) කටුනායක ගුවන් තොටුපොළේ දී මිය ගොස් තිබෙනවා.

ඔහු මහනුවර ,තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි අබුබකර් අබ්දුල් වාහිඩ් නැමැත්තෙක් බවයි වාර්තා වන්නේ.

ඔහු අලුයම 4.20 ට පමණ සෞදි අරාබියේ ජෙඩා නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 282 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව සඳහන්.

මෙම පුද්ගලයාට හදිසියේ වැළදුණු හෘදයාබාධයක් නිසා මෙම මරණය සිදු වන්නට ඇති බව මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය සඳහන් කළා.

මොහු දැනට සෞදි අරාබියේ ජෙඩා නුවර ස්ථිර පදිංචිව සිටින අතර ,මීට මාස කීපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ සිටි සිය බිරිඳ ආපසු කැදවා ගෙන යෑමට මෙසේ නැවත පැමිණ තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site