Home News Breaking කටුනායක පැමිණි යානය මත්තල ගොස් කටුනායක එයි

කටුනායක පැමිණි යානය මත්තල ගොස් කටුනායක එයි

908 views

අද (01) දින අලුයම් කාලයේ පැවති අධික වැසි සහිත අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ,කටුනායක බණ්ඩාරනායක තොටුපල වෙත මස්කට් සිට පැමිනි ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 206 දරන ගුවන් යානය මෙසේ අද අලුයම 4.45 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට නියමිතව පැමිණියත් ඒ වනවිට ගුවන් තොටුපොළ අවට පැවති අයහපත් කාළගුණික තත්වය නිසා අලුයම 5.20 ට මත්තල ගුවන් තොටුපොළ වෙත ගොඩ බැසීමට පියවර ගැනුණා

ප්‍රංශයේ නිෂ්පාදිත A- 320 එයා බස් වර්ගයේ මෙම ගුවන් යානයෙහි ඒ වනවිට එහි මගීන් 130 ක් සිටි බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා පැවසුවා. මත්තල ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්වූ මෙම ගුවන් යානයේ සිටි මගීන්ට එම යානයෙන් එළියට පැමිණීමට මත්තල ගුවන් තොටුපොළ බලධාරීන් අවසර ලබා දී තිබුණේ නැහැ, කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ කාළගුණික තත්වය යහපත් වූ පසු උදෑසන 6.30 ට යළිත් මත්තල ගුවන් තොටුපොළෙන් කටුනායක ගුවන් තොටුපොළ බලා පිටත් කරනු ලැබු යානය 6.47 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැසීම සිදු කර තිබුණා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site