Home News Breaking කඩුවෙල නාගරික මන්ත්‍රී CID අත්අඩංගුවට

කඩුවෙල නාගරික මන්ත්‍රී CID අත්අඩංගුවට

243 views

සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සේවය කළ සමීර සේනාරත්නට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළැයි කියන සිද්ධියට අදාළව කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී ලක්මාල් විලත්ගමුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් 2017 පෙබරවාරි මස 6 වැනිදා සේනාරත්න K G 3807 දරන සිය කාර් රථය පදවමින් රාජකාරියට ගමින් සිටියදී මාලබේ ප‍්‍රදේශයේදී නාදුනන පුද්ගලයකු වෙඩි තබා පලා ගිය බව කලින් කියා තිබුණා.

සැකකාර නාගාරික මන්තී‍්‍රවරයා කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙය සේනාරත්න විසින්ම කර ගත්තක් බවට සැක සහිත බැවින් විමර්ශන රහස් පොලිසියට භාර දුන් බව පොලිසිය පැවසුවා.

සයිටම් ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ සමීර සේනාරත්නට චෝදනා එල්ල වීමත් සමඟ ඔහු තාවකාලිකව එම ධුරයෙන් ඉවත් කිරීමට සයිටම් ආයතනය කටයුතු කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site