Home News Breaking කතරගම වෙඩි තැබීමකින් කිරිවෙහෙර විහාරධිපති නා හිමියන්ට තුවාල

කතරගම වෙඩි තැබීමකින් කිරිවෙහෙර විහාරධිපති නා හිමියන්ට තුවාල

1,000 views

කතරගම පූජා භු‍මියේ වෙඩි තැබීමක් සිදුව ඇති අතර එයින් කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සහ තවත් හිමි නමක් තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ විහාරාධිපති හිමියන් හා අනෙක් හිමිනම මේ වන විට රෝහල් ගත කර ඇත.

ඊයේ(12) රාත්‍රී 11 ට පමණ මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය පවසනවා.

විහාරාධිපති හිමියන්ගේ උදරය ප්‍රදේශයට වෙඩි ‍ප්‍රහාරය එල්ල වී ඇති අතර මේ වන විට හම්බන්තොට රෝහලේ දැඩි සත්කාර ඒකක‍යේ වැඩිදුර ප්‍රතිකාර ලබන බව ද වාර්තා වනවා.

කෙසේ වෙතත් වෙඩි තැබූ පුද්ගලයින් මෙතෙක් හඳුනා‍ ගෙන නොමැති අතර සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site