Home News Breaking කඹුරුපිටිය ඛේදවාචකයේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව මෙන්න

කඹුරුපිටිය ඛේදවාචකයේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව මෙන්න

SHARE

කඹුරුපිටිය බෙරළිඅතුර ප්‍රදේශයේදී ගෙල වැලලාගෙන මියගොස්‌ සිටි දරුවන් තිදෙනාගේ සහ පියාගේ මරණ දිවි නසා ගැනීම් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඊයේ (28 දා) අනාවරණය වී තිබෙනවා.

මාතර කොට්‌ඨාසය භාර පොලිස්‌ අධිකාරිවරයා සඳහන් කළේ දරුවන් තිදෙනාගේ මරණද ඝාතන නොව දිවි නසා ගැනීම් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇති බවයි.

මෙම සිද්ධියේදී මියගිය දැරියන් දෙදෙනා කිසිදු අතවරයකට ලක්‌වී නොමැති බවද මෙහිදී හෙළිවී තිබෙනවා.

දරු තිදෙනා සමඟ මියගොස්‌ සිටි ඔවුන්ගේ පියා වන වික්‍රමතුංග පතිරණ ආරච්චිගේ ප්‍රියන්ත නමැත්තා සිය බිරිඳ නිවසින් පිටව යැමෙන් පසු වැඩිමහල් දියණිය සම්බන්ධ කර අසල්වාසීන් ඇතැම් කතා පැතිරවීම හේතුවෙන් දැඩි ලෙස සිත්තැවුලට පත්ව සිටි බවද මේ වන විට අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

මොවුන් සම්බන්ධයෙන් අසල්වාසීන් විසින් 119 හදිසි ඇමතුම් අංකය ඔස්‌සේ පොලිසියට ලබා දුන් ඇමතුම් හේතුවෙන් මියගිය දරුවන් හා පියා පසුගිය කාලයේ දැඩි පීඩනයකට ලක්‌ව සිටි බවද හෙළිවී තිබෙනවා.

මියගිය ප්‍රියන්ත නමැත්තා ඒ පිළිබඳව කිහිප අවස්‌ථාවකම භික්‍ෂූන් වහන්සේ නමක වන සිය වැඩිමහල් පුත්‍රයාටද දැනුම් දී ඇති බව සඳහන්.

ප්‍රියන්ත නමැති අයගේ බිරිඳ මොහු හැරගොස්‌ ඇත්තේ ඉකුත් මැයි 26 වැනිදා ඇතිවූ ගංවතුර තත්ත්වයට දින දෙක තුනකට පමණ පෙරයි.

අවසන් කටයුතු සිදුකරන අවස්‌ථාව වනතුරුත් මියගිය දරුවන්ගේ මව පැමිණ නොසිටි අතර ඇයගේ නොපැමිණීමද ගම්වාසීන් අතර විවිධ කටකතා පැතිර යැමට හේතුවක්‌ වී තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site