Home News Breaking කරදියනාරු ප්‍රදේශයේ ඇතිවූ උණුසුම් තත්ත්වය සමතයකට

කරදියනාරු ප්‍රදේශයේ ඇතිවූ උණුසුම් තත්ත්වය සමතයකට

SHARE

වැලි ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට මඩකලපුව, කරදියනාරු ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමක් අතරතුර තරුණයෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ඊයේ (24) ඇති වූ උණුසුම් තත්වය සමතයකට පත් කර තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත කරදියනාරු ප්‍රදේශයේ සිදුකරන වැලි ජාවාරමක් වැටලීම සදහා එම ස්ථානයට ගොස් තිබුණා.

එහිදී සැකකරුවන් පලායාම වැළැක්වීම සදහා ගුවනට වෙඩි තැබීමක් ද සිදුකර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

එම අවස්ථාවේදී පුද්ගලයන් දෙදෙනෙකු මුන්දන් කුමාරවැලි කලපුවට පැන ඇති අතර, එහිදී එක් පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අනෙක් පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් බේරාගෙන ඇති බව සදහන්.

කෙසේ වෙතත්, ඔහු මියයාමත් සමඟ ප්‍රදේශවාසීන් කලහකාරි ලෙස හැසිරෙමින් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට විරෝධය පළ කළ බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site