Home News Breaking කරන්න්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඝාතනයට සම්බන්ධ අයෙක් සොයා ගනියි

කරන්න්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඝාතනයට සම්බන්ධ අයෙක් සොයා ගනියි

1,580 views

කරන්න්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (08) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් කරන්න්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් ජීවිතක්ෂයට පත්වුණා.

පොලීසිය සඳහන් කළේ රාත්‍රී 10.15ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් අදාළ වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි.

48 හැවිරිදි ඩොනල්ඩ් සම්පත්, මෙවර පළාත් පාලන මැතිවරණයේදී කරන්දෙනිය ප්‍රාදේශීය සභාවට තේරී පත්වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්.

ඔහු විවාහ මංගල්‍යය උත්සවයකට සහභාගි වී සිය කැබ් රථයෙන් යළි නිවස බලා පැමිණෙන අතරතුර මෙලෙස වෙඩි ප්‍රහාරයට ගොදුරු වී ඇත්තේ ඌරගස්මංහන්දිය – කොරකීන ප්‍රදේශයේදීයි.

එහිදී කැබ් රථයේ සිටි රියදුරුගේ එක් අතකට වෙඩි වැදී තුවාල ලැබූ අතර, රථයේ සිටි තවත් පුද්ගලයෙකුට සිද්ධියෙන් කිසිදු හානියක් සිදුවී නැහැ.

පොලිසිය සඳහන් කළේ සිද්ධිය සිදුවූ ස්ථානයේ තිබී අපරාධකරුවන් පැමිණි යතුරුපැදිය, ටී 56 ගිනිඅවියක මැගසිනයක් සහ සැකකරුවන්ට අයත් බවට සැකකෙරන ජංගම දුරකථනයක්ද සොයාගත් බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site