Home News Breaking ක්‍රිකට් තරඟය අවසානයේදී ගැටුමක් – තරුණයෙක් රෝහලට

ක්‍රිකට් තරඟය අවසානයේදී ගැටුමක් – තරුණයෙක් රෝහලට

SHARE

සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (08) පැවති හතරවන එක්දින තරඟය අතරතුර තරුණයන් දෙපිරිසක් අතර ගැටුමක් සිදුව තිබෙනවා.

ක්‍රීඩාංගණය තුළ සිදුවූ බහින්බස්වීමක් දුරදිග ගොස්, තරඟය නිමවී පිටව යද්දී එය ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම ගැටුමෙන් තුවාල ලැබූ එක් තරුණයෙකු සූරියවැව රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ඔහු රෝහලෙන් පලාගොස් ඇති බවයි එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ.

ඔහු දික්වැල්ල – කුඩාවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, එම තරුණයා සමග ගැටුම් ඇතිකරගත් සූරියවැව ප්‍රදේශයේ පදිංචි තවත් තරුණයෙකු පොලීසිය අත්අඩංගුවට තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site