Home News Breaking කායික හා මානසික තත්වය පිරික්සිමට නියෝගයක් ලැබුණු මන්ත්‍රී පුතා මෙන්න

කායික හා මානසික තත්වය පිරික්සිමට නියෝගයක් ලැබුණු මන්ත්‍රී පුතා මෙන්න

182 views

බීමත්ව රිය පැදවීම ඇතුළු රථ වාහන වැරදි සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කොලඔ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

එමෙන්ම විත්තිකාර රමිත් රඹුක්වැල්ල නුගේගොඩ පිහිටි ප්‍රවාහන අමාත්‍යාංශයට අයත් වෛද්‍ය මන්ඩලය හමුවට ඉදිරිපත් කර ඔහුගේ කායික සහ මානසික තත්ත්වය පිළිබඳව පරීක්ෂණයකට භාජනය කර වාර්තාවක් කැඳවන මෙන් ද මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයේ සඳහන් වුණා.

කොළඹ රථවාහන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මෙම නියෝගය නිකුත් කළේ රමිත් රඹුක්වැල්ලට එරෙහිව නාරාහේන්පිට පොලිසිය විසින් ඉදිරිපත් කළ චෝදනා පත්‍රයක් සලකා බැලීමෙන් පසුවයි.

ඉකුත් සෙනසුරාදා නාරාහේන්පිට පොලිස් වසම තුළ බීමත්ව රිය පැදවීම, රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ,රිය අනතුරක් පිළිබඳව පොලිසියට වාර්තා නො කිරීම ඇතුළු චෝදනා හතරක් යටතේ විත්තිකාර රමිත් රඹුක්වැල්ලට එරෙහිව නාරාහේන්පිට පොලිසිය අද අධිකරණය හමුවේ චෝදනා ගොනු කළා.

එම චෝදනා වලට තමන් නිවැරදිකරු බව රමිත් රඹුක්වැල්ල අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ.

ඒ අනුව විත්තිකාර රමිත් රඹුක්වැල්ලට රුපියල් ලක්ෂ 5ක පුද්ගලික ඇපයක් මත නිදහස් කළ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය ජූනි මස 19 වන දා පැවැත්වීමට ද නියම කළා.

එදින නඩුවේ සාක්ෂිකරුවන්ට අධිකරණ හමුවේ පෙනී සිටින මෙන් ද නියෝග නිකුත් කෙරුණා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site