Home News Breaking කිරිවෙහෙර විහාරාධිපතිගේ රෝහල් ගාස්තුව මිලියන 03ත් පනියි – රජය තවමත් ගාස්තු ගෙවා...

කිරිවෙහෙර විහාරාධිපතිගේ රෝහල් ගාස්තුව මිලියන 03ත් පනියි – රජය තවමත් ගාස්තු ගෙවා නෑ

303 views

කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොඹවක දම්මින්ද හිමියන්ගේ රෝහල් ගාස්තු මෙතෙක් ගෙවීමට රජය කටයුතු කර නොමැති බව වාර්තා වනවා.

කතරගම කිරිවෙහෙරෙ දී විහාරාධිපති හිමියන් ඇතුළු තවත් හිමි නමකට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ නාහිමියෝ හම්බන්තොට සිට කොළඹ වෙත ගුවන් මගින් රැගෙන ආ අතර ඉන්පසුව ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබුවා.

සිද්ධිය සිදු වූ පසු දින රජය මාධ්‍ය මගින් නිවේදනය කරනු ලැබූවේ කිරිවෙහෙර නාහිමියන්ගේ ගුවන් ගමන් වියදම් සහ රෝහල් වියදම රජය විසින් දරන බවයි.

මේ වන විට නාහිමියන්ගේ රෝහල් ගාස්තුව රු. මිලියන 03 ඉක්මවා ඇති බව සඳහන්.

බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා ප්‍රකාශ කර ඇත්තේ රෝහල් ගාස්තු ගෙවීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගත යුතු බවත් ඒ පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීමට අදාළ පියවර ගන්නා බවයි.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site