Home News Breaking “කිරි ගොවීන්ගේ හරක් මගේ ළඟ නෑ” – නි. ඇමති ලක්ෂ්මන් කියයි

“කිරි ගොවීන්ගේ හරක් මගේ ළඟ නෑ” – නි. ඇමති ලක්ෂ්මන් කියයි

SHARE

කිරි ගොවීන්ට සහනදායී මිලට බෙදා දීමට ගෙනා කිරි දෙනුන් තමන් මිලදී ගත් බවට පැතිර යන කතාවල කිසිදු සත්‍යතාවක් නැතැයි නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා සඳහන් කරනවා.

විෂයය පිළිබඳව නොදන්නා පිරිසක් ව්‍යාජ කතා මවාපාමින් සිටින බවයි ඔහු කියා සිටියේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා.

“අපට හරක් ලබාදීම සම්බන්ධව 2016 නොවැම්බර් මාසයේ හැරිසන් අමාත්‍යතුමා තීරණය කළා කියන ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් මම ඉතාම කනගාටු වෙනවා. අපි නිසා තමයි මේ හරක් කියන සතුන් ජාතිය සිටින්නේ. කවදාවත් මේ කිරි ගොවියෝ පාරට බැස්සේ නැහැ මේ හරක් දෙන්න කියලා. පසුගිය රජය කා‍ලේත් කෘෂිකර්ම ඇමැතිතුමා මේ හරක් ගෙනාවා. මැක්පාලම, ඩයගම, මුදියාගම ආයතනවලට. 2500ක් මුදියාගමට එකවර ගෙනාවා.

රජයේ ආයතනවලට දුන්නම ඔවුන්ව පාලනය කර ගන්න බැරි වෙලා තියෙනවා. හේතුව උන් පැටවුන් දැම්මම අවුරුද්දකට පස්සේ දෙගුණයක් වෙනවා.
මේ විෂයය ගැනවත් දන්නෙ නැතිව කතා කරන පිරිසක් ගැන ඇත්තටම කනගාටු වෙනවා. මේ වගේ රටවල මේ හරක් ඇති කරන එක ‍ලේසි පහසු දෙයක් නොවෙයි. ඇත්තටම මම මේ හරක් සම්බන්ධව ඉල්ලුම් කළේ නැහැ. ඒක මගේ සහෝදරයකුට සම්බන්ධ ආයතනයක් තමයි ඉල්ලුම් කළේ. ඔවුන් ඉල්ලීමක් කළා පුළුවන්නම් සහයෝගයක් දක්වන්න කියලා. මට හරක් දෙන්න කියලා මම අමාත්‍යාංශයෙන් ඉල්ලලා නැහැ. මම බලපෑම් කරලා නැහැ. මම බැංකු ණයක් අරන් දුන්නා පමණයි.

මාධ්‍යවේදියෙක් වුණත් දැන ගන්න ඕන මේක ඇත්තක්ද බොරුවක්ද කියන එක. මිනිහෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. ඇමැතිතුමාට උත්තර දෙන්න බැරි වුණ එක ගැන මම දන්නේ නැහැ. ඒක ඇමැතිතුමාගේ ප්‍රශ්නයක්. ඇමැතිතුමා ඒ සම්බන්ධයෙන් දැනුවත් නැතිව ඇති. නමුත් අපට සම්බන්ධ ආයතනයකට ඇඟිල්ල දික් කිරීම නොවෙයි.”

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site