Home News Breaking කිසිඳු මුදලක් අය නොකර ගොවීන්ට ගොවි රක්ෂණයක්

කිසිඳු මුදලක් අය නොකර ගොවීන්ට ගොවි රක්ෂණයක්

249 views

ගොවිජනතාවගෙන් කිසිඳු මුදලක් අය කර නොගෙන සම්පූර්ණ කෘෂි රක්ෂණ වාරික මුදලේ බර රජය විසින් දැරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා.

වත්මන් රජය විසින් පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ඉල්ලීම පරිදි අමාත්‍ය මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන තිබෙන අතර වගා හානිවීමක දී ගොවිජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාත්මක කෘෂි රක්ෂණ වැඩපිළිවෙළ යටතේ, මෙතෙක් ගොවිජනතාවට වාර්ෂිකව සාමාජික මුදල වශයෙන් රු. 1,375 ක මුදලක් ගෙවීමට සිදු වී තිබුණා.

ඒ අනුව රජය විසින් කෘෂි රක්ෂණය සඳහා රු. මි. 5,228 ක මුදලක්, 2018 වර්ෂය සඳහා මේ වන විට වෙන්කර තිබෙනවා.

මෙම කෘෂි රක්ෂණාවරණය යටතේ වී, ලූණු, මිරිස්, බඩඉරිඟු සහ අර්තාපල් වගා කරන ගොවීන්ට එම ප්‍රතිලාභ හිමිවන අතර, ගොවිජනතාවගේ සුරක්ෂිතභාවය උදෙසා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

යල කන්නය සඳහා කෘෂි රක්ෂණාවරණ සහතික පත් ප්‍රදානය කිරීමේ සමාරම්භක උත්සවය 2018.05.28 පස්වරු 2.00 ට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ ඇතුළු රැසකගේ සහභාගීත්වයෙන් හම්බන්තොට නෝනාගම සංස්කෘතික මධ්‍යස්ථානයේ දී සිදු කෙරේ.

ගොවිජනතාවට කෘෂි රක්ෂණාවරණය නොමිලේ ලබාදීම සිදු කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site