Home News Politics කුණු ආණ්ඩු හැදීමට තමා සූදානම් නෑ – ජනපති කියයි

කුණු ආණ්ඩු හැදීමට තමා සූදානම් නෑ – ජනපති කියයි

1,215 views

තමාට අවශ්‍ය නම් හෙට වුවත් අලුත් ආණ්ඩුවක් හැදිය හැකි බවත්, එහෙත් කුණු ආණ්ඩු හැදීමට තමා සූදානම් නැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ රාත්‍රීයේ සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ රැස්වූ අතර එම අවස්ථාවේදීයි ජනාධිපතිවරයා මෙසේ සඳහන් කර තිබෙන්නේ.

කලින් පැවති ආණ්ඩුවෙන් තමා එළියට ආවේ එය අපිරිසිදු ආණ්ඩුවක් නිසා යැයි කී ජනාධිපතිවරයා දැන් සිටින තැන ද අපිරිසිදු නම් තමාට එතැනද සිටිය නොහැකි බව ද කියා සිටියා.

තමා අලුතින් ආණ්ඩුවක් හදන්නේ නම් හදන්නේ පිරිසිදු ආණ්ඩුවක් මිස අපිරිසිදු ආණ්ඩුවක් නොවන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩි දුරටත් කියා සිටියේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site