Home News Breaking කුරුණෑගල ප්‍රදේශයේ ගුරුවරයෙක් 3 වසර සිසුවෙකු ගස් බඳියි

කුරුණෑගල ප්‍රදේශයේ ගුරුවරයෙක් 3 වසර සිසුවෙකු ගස් බඳියි

521 views

කුරුණෑගල – මාවතගම ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුගේ නියෝගය මත එම පාසලේ ශිෂ්‍යයෙකුට අමානුෂික ලෙස පහරදීමක් සිදුකර ඇති බව වාර්තා වනවා.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ මාවතගම – පරගහදෙණිය ප්‍රදේශයේ පදිංචි එම පාසලේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්.

ඔහුගේ පන්ති භාර ගුරුවරයා විසින් මෙලෙස සිසුවාට පහරදෙන ලෙස එම පන්තියේ ම ඉගෙනුම ලබන අනෙක් සිසුන්ට පවසා ඇත්තේ ඊයේ (22) දහවල් කාලයේදීයි.

සිද්ධියට මුහුණදුන් සිසුවාගේ පියා සඳහන් කළේ 1 ශ්‍රේණියේ සිදුවූ සිද්ධියක් පදනම් කර ගනිමින් තම දරුවා උණ ගසක බැඳ මෙලෙස පහරදී ඇති බවයි.

සිද්ධියට මුහුණදුන් සිසුවා ද ඒ පිළිබඳව කියා සිටියේ පන්ති භාර ගුරුවරයා විසින් තමාව උණ ගසක ගැට ගසා තමාට පහර දෙන ලෙස අනෙක් සිසුන්ට පැවසූ බවයි.

මෙම සිද්ධිය පිලිබඳව පහරකෑමට සිදුවූ සිසුවාගේ පියා විසින් පොලීසියට පැමිණිලි කර ඇති අතර ඒ අනුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි මාවතගම පොලීසියේ උසස් නිලධාරියෙකු අප කළ විමසීමකදී කියා සිටියේ.

එසේම, සිද්ධියට සම්බන්ධ අනෙකුත් සිසුන්ගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ගුරුවරයා ද පොලීසියට කැඳවා ඉදිරි පරීක්ෂණ සිදුකරන බව ද ඔහු කියා සිටියා.

මේ පිළිබඳව අප පහරකෑ සිසුවා ඉගෙනුම ලබන පාසලෙන් සිදුකළ විමසීමකදී එහි නියෝජ්‍ය විදුහල්පතිනිය කියා සිටියේ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ට ද වාර්තා වී ඇති අතර ඒ පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණවලට පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site