Home News Breaking කේරල ගංජා බෙදා හරින ජාවාරමේ ප්‍රධාන සැකකරු පොලීසියට හසුවෙයි

කේරල ගංජා බෙදා හරින ජාවාරමේ ප්‍රධාන සැකකරු පොලීසියට හසුවෙයි

1,020 views

දකුණේ ප්‍රදේශ ගණනාවකට කේරල ගංජා බෙදා හරින ජාවාරමක් මෙහෙය වූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කල ඇති බවයි වාර්තා වන්නේ.

මාතර, ගන්දර, කුරුඳුවත්ත ප්‍රදේශයේ දී කේරල ගංජා කිලෝ 4ක් සමග සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රීරෝද රථයකින් සහ යතුරුපැදියකින් කේරල ගංජා ප්‍රවාහනය කරමින් තිබූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

යාපනය ප්‍රදේශයේ සිට කේරල ගංජා ගෙනවිත් මාතර, ගාල්ල, කතරගම හා තිස්සමහාරාම ආදී ප්‍රදේශවලට ගංජා අලෙවි කිරීමටයි සැකකරුවන් කටයුතු කර ඇත්තේ.

සැකකරුවන්ගෙන් ලැබුණු තොරතුරුවලට අනුව ප්‍රධාන සැකකරු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site