Home News Breaking කේරළ ගංජා සමඟ සමෘද්ධි නියාමකවරියක් අත්අඩංගුවට

කේරළ ගංජා සමඟ සමෘද්ධි නියාමකවරියක් අත්අඩංගුවට

645 views

උතුරු මැද පළාත් විශේෂ වැටලීම් ඒකකය මගින් ඊයේ (07) සිදුකළ වැටලීමකදී රුපියල් හාර ලක්ෂ 20,000 ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් ළඟ තබාගෙන සිටි සමෘද්ධි නියාමකවරියක් සහ ඇගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 250ක් සහ ඇයගේ පුත්‍රයා සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 150ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් කාන්තාව කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන 49 හැවිරිදි අයෙකු වන අතර පොලීසිය නිවස වටලන අවස්ථාවේ දී සැකකාර කාන්තාව ගංජා තොගය නිවසින් පිටතට රැගෙන ගොස් සැඟවීමට උත්සාහ කළ ද පොලිස් නිල සුනඛයන් මාර්ගයෙන් ඇය හඳුනාගෙන තිබෙනවා.

සැකකරුවන් අද කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site