Home News Breaking කොටහේනේ සිදුවු වෙඩි තැබීමේ සිද්දියේ සැකකරුවෙකු අත්අඩංගුවට

කොටහේනේ සිදුවු වෙඩි තැබීමේ සිද්දියේ සැකකරුවෙකු අත්අඩංගුවට

204 views

පසුගිය මාර්තු මස 8 වන දින කොටහේනේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයින් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකළ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨා‍ශය විසින් මෙම සැකකරු ඊයේ(26) දහවල් 1.30ට පමණ කොටහේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම අපරාධය සිදු කිරීමට අනුබල දීම හා සාක්ෂි වසන් කිරීමේ වරදට ඉහත අපරාධය සිදු කිරීම සඳහා සැකකරුවන් ගමන් කළ යතුරුපැදියද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40 ක් වු කොටහේන, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පැවසුවේ.

අද(27) දින සැකකරු අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site