Home News Breaking කොට්ටාවේ රූමත් තරුණියගේ ඝාතකයා පාපොච්චාරණය කරයි

කොට්ටාවේ රූමත් තරුණියගේ ඝාතකයා පාපොච්චාරණය කරයි

SHARE

කොට්ටාව හොරණ මාර්ගයේ නිවසක් තුළ දී තරුණියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියංකා මද්දුමහේවා පටබැඳිගේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ලබන මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සඳහන්.

සැකකරු මාතර හක්මන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

පසුගිය 22 වැනිදා පස්වරුවේ තියුණු ආයුධයකින් පහරදී 26 හැවිරිදි අදාළ තරුණිය ඝාතනය කර තිබු අතර සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් සැකකරු පසුගිය (24) දා පෙරවරුවේ නීතීඥවරයෙකු මාර්ගයෙන් කොට්ටාව පොලීසියට බාරවී ඇති බවයි වාර්තා වුණේ.

එහිදි අදාළ ඝාතනය සම්බන්ධයෙන් ඔහු විසින් පාපොච්චාරණයක් ද සිදුකර ඇති බව සඳහන්.

තමා සහ එම තරුණිය අතර ප්‍රේම සම්බන්ධයක් පැවති බවත් දෙදෙනාගේම කැමැත්ත මත මීට ටික කාලයකට පෙර එය නතර කෙරුණු බවත් සැකකරු ප්‍රකාශ කර තිබෙනවා.

ඉන් අනතුරුව තමා මාතර හක්මන ප්‍රදේශයේ වෙනත් තරුණියක සමග ප්‍රේම සබදතාවක් ඇති කරගත් අතර එම සබදතාවයට ඝාතනයට ලක්වු තරුණිය වරින් වර බාධා සිදුකළ බව සැකකරු ප්‍රකාශ කල බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් තමාගේ දෙවන ප්‍රේම සම්බන්ධතාව ද බිද වැටුණු බවත් ඉන් හටගත් කලකිරීම හා කෝපය මත අදාළ ඝාතනය සිදුකළ බවට සැකකරු පාපොච්චාරණය කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site