Home News Breaking කොන්දේ අමාරුවට කල වැරදි සැත්කම නිසා ලිංගික අවයව අක්‍රීය වූ අයෙක් නඩු...

කොන්දේ අමාරුවට කල වැරදි සැත්කම නිසා ලිංගික අවයව අක්‍රීය වූ අයෙක් නඩු මගට

1,782 views

ස්නායූ ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකු තමාගේ කොන්දේ අමාරුවකට නොසැලකිලිමත්ව වැරදි සහගත ලෙස ශල්‍යකර්මයක් සිදු කිරීම හේතුවෙන් දැඩි ලෙස අසාධ්‍ය තත්වයට පත්ව ශරීරයේ විවිධ ඉන්ද්‍රියන් රැසක් අක්‍රීය තත්වයට පත් ඇති බවට චෝදනා කරමින් රුපියල් ලක්ෂ සියයක (100,000) වන්දියක් ඉල්ලා රෝගියෙකු අනුරාධපුර දිසා අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබෙනවා.

පවරා ඇති නඩුවට 2018 වසරේ පෙබරවාරි මස 16 වනදාට උත්තර බදින ලෙසයි අනුරාධපුර වැඩ බලන දිසා විනිසුරු මාලනී රනේපුර අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායූ ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකුට නියෝග කර ඇත්තේ.

තඔුත්තේගම ඉපිල්වත්ත, අංක 167 ලිපිනයේ පදිංචි ජූඩි රනිල් ලෙනාඩි නීතිඥ සුරංග මොහොටිටි මගින් අනුරාධපුර දිසා අධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර තිබෙනවා.

මෙම නඩුවේ විත්තිකරු ලෙස නම් කර සිටිනුයේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායූ ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකු වන ස්ට්‍රැවින්ස්කි පෙරේරායි.

පැමිණිලිකරු වෙනුවෙන් අධිකරණයට කරුනු දක්වමින් නීතිඥ සුරංග මොහොටිටි සදහන් කර ඇත්තේ 38වන වියෙහි පසුවන පැමිණිලිකරු කොන්දේ හා පාද වල රෝගී තත්වයකට ප්‍රථිකාර ලබා ගැනීම සදහා අනුරාධපුර නගරයේ පුද්ගලික රෝහලකදී විත්තිකාර ස්නායූ ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා හමු වී ඇති බවයි.

CT ස්කෑන් ඇතුලුව වෛද්‍ය පරික්ෂණ රැසක් විත්තිකාර වෛද්‍යවරයාගේ උපදෙස් මත පැමිණිලිකරු සිදු කල බවත් එම වෛද්‍ය වාර්තා පරික්ෂා කර බැලූ විත්තිකාර ස්නායූ ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා පැමිණිලිකරුට ශල්‍ය කර්මයක් සිදු කල යුතු බවට නිර්දේශ කල බවත් නීතිඥවරයා අධිකරණයට කියා තිබෙනවා.

ඒ අනුව පැමිණිලිකරු 2015. 04. 15 වන දින අනුරාධපුර ශික්ෂණ රෝහලේ 31 වන වාටිටුවට ඇතුලත් වීමෙන් පසුව 2015.04.17 වන දින අදාල ශල්‍යකර්මය විත්තිකාර විශේෂඥ වෛද්‍යවරයා විසින් සිදු කල බවද අධිකරණයට කියා සිටි නීතිඥවරයා ශල්‍ය කර්මයෙන් පසුව සිහිය ලැබුනු අවස්ථාවේ පැමිණිලිකරු දැඩි ලෙස රෝගාතුර වී ශරීරයේ වේදනාවන් ඇති වී ශරීරයේ විවිධ ඉන්ද්‍රීයන්ගේ ක්‍රියාකාරිත්වය ද අක්‍රිය වී මතක ශක්තියද හීන වී ගිය බවයි පවසා ඇත්තේ.

ශල්‍ය කර්මයෙන් අනතුරුව එසේ රෝගී වීම නිසා විත්තිකාර වෛද්‍යවරයා විසින් පැමිණිලිකරු දැඩි සත්කාර ඒකකයට ඇතුලු කර පසුදින යලි ඔහු ශල්‍ය කර්මයකට භාජනය කල බවත් එම දෙවැනි ශල්‍ය කර්මයෙන් පසුවද පෙරට වඩා පැමිණිලිකරු අසාධ්‍ය තත්වයට පත් වීම නිසා 2017. 05.05 වන දින පැමිණිලිකරු රෝහලින් පිටව ගිය බවද නීතිඥවරයා අධිකරණයට දන්වා සිටිනවා.

පසුව පැමිණිලිකරු වෙනත් වෛද්‍ය උපදෙස් මත වෛද්‍ය පරික්ෂණ වලට භාජනය වී වැඩිදුරටත් කල සොයා බැලීමේදී අනාවරනය වී අත්තේ විත්තිකාර ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා විසින් සිදු කර ඇති ශල්‍ය කර්මය නිසි උනන්දුවකින් තොරව නොසැලිකිලිමත්ව වැරදි සහගත ලෙස සිදු කිරීම හේතුවෙන් පැමිණිලිකරු මෙලෙස විවිධ රෝගී තත්වයන්ට පත්ව ඇති බවයි.

විත්තිකරු පැමිණිලිකරුගේ රෝගී තත්වය හා ශල්‍ය කර්මය සමිබන්ධයෙන් දැක්විය යුතු සිය වෘත්තීමය සැලකිලිමත් වීම නිසි ලෙස දක්වා නොතිබීම සහ පැමිණිලිකරුගේ රෝගී තත්වය සහ ශල්‍යකර්මය සමිබන්ධයෙන් සිය වෘත්තීය ක්ෂේත්‍රය තුල ගත යුතු ප්‍රමාණවත් පියවර ගැනීමට අපොහොසත් වීම හෝ පැමිණිලිකරුගේ රෝගී තත්වය සහ ශල්‍යකර්මය පිලිබදව වෘත්තීමය වගකීම කඩ කිරීම යන කරුනු හේතුවෙන් ශල්‍යකර්මයෙන් පසුව පැමිණිලිකරුට මෙම හානිය සිදුව ඇති බවටද නීතිඥවරයා සිය පැමිණිල්ල මගින් චෝදනා කර තිබෙනවා.

ශල්‍යකර්මයෙන් පසුව විත්තිකරුගේ උදරය අසාමාන්‍ය ලෙස විශාල වීම එක් ඉරියවිවක කෙටි වෙලාවක් පවා සිටීමට නොහැකිවීම, අධික වේදනාවෙන් පීඩා විදීම, පාද දෙක විටින් විට හිරි වැටීම නිසා ඇවිද යාමට නොහැකි වීම සහ ලිංගික අවයව ඇතුලු ශරීරයේ තවත් ඉන්ද්‍රියන් අක්‍රීය වීම නිසා දරුවෙකු පිලිබදව විත්තිකරුට තිබූ බලාපොරොත්තුව ද අහිමිවී සියලු ආදායම් මාර්ග ද ඇහිරී ගොස් ඇති බවද අධිකරණයට දැනුමි දුන් නීතිඥවරයා මෙකී හානි වෙනුවෙන් විත්තිකාර විශේෂඥ වෛද්‍යවරයාගෙන් රුපියල් ලක්ෂ 100ක මුදලක් වන්දි වශයෙන් අය කර දෙන ලෙසද අයැද තිබෙනවා.

විත්තිකාර ස්නායූ ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ආරියරත්න වික්‍රමආරචිචි සදහන් කලේ පැමිණිල්ල විසින් නගා ඇති සියලු චෝදනා විත්තිකාර ස්නායූ ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

අසත්‍ය චෝදනා එල්ල කර අපහාස කිරීම සමිබන්ධයෙන් පැමිණිලිකරුට එරෙහිව වන්දි ඉල්ලා නඩු පවරන බවද නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site