Home News Breaking කොළඹින් කෝටි 125ක් වූ ලොකුම කුඩු තොගය අල්ලයි – අයිතිය පෝරකයේ සිටින...

කොළඹින් කෝටි 125ක් වූ ලොකුම කුඩු තොගය අල්ලයි – අයිතිය පෝරකයේ සිටින සුසේයිට

372 views

පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වසර 45 ක ඉතිහාසය තුළ ගොඩබිමකදී අත්අඩංගුවට ගන්නා ලද වැඩිම හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය වන කිලෝ 124 ක්‌ පෙරේදා (07 දා) කළුබෝවිල සහ බත්තරමුල්ල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහි වටිනාකම රුපියල් කෝටි 125 ක්‌ පමණ වන බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර දෙහිවල රොබට්‌ පාර පදිංචි මොහොමඩ් සුවහිල් මොහොමඩ් (20) නමැති සැකකරු හා ජීප් රථයේ රියදුරු ලෙස හෝමාගම පිටිපන මුන්තොටවත්ත දකුණ ප්‍රදේශයේ පදිංචි මල්ලිකාරච්චිගේ චතුර ජයශාන්ත (40) නමැත්තාද වන බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරී රුවන් ගුණසේකර ඊයේ (08 දා) පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

කළුබෝවිල දී ජීප් රථය සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී ට්‍රැවලින් බෑගයක ගබඩා කර තිබු හෙරොයින් පාර්සල් 30 ක්‌ හමුවී ඇති අතර එය පරීක්‍ෂා කිරීමේදී හෙරොයින් කිලෝ 33 ග්‍රෑම් 344 ක්‌ තිබෙන බව තහවුරු කරගෙන සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් බත්තරමුල්ල සුභූතිපුර නිවසක සඟවා තිබූ තවත් හෙරොයින් පාර්සල් 66 ක්‌ හමුවී තිබෙනවා. එහි හෙරොයින් කිලෝ 70 ග්‍රෑම් 574 ක්‌ තිබු බවයි වාර්තා වන්නේ.

සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී මෙම හෙරොයින් තොගය දැනට මරණ දඬුවම නියමව වැලිකඩ බන්ධනාගාර ගතව සිටින ධර්මරාජා සුදේෂ් හෙවත් “සුසේයි” නමැති පුද්ගලයාට අයත් බවත් ඔහු බන්ධනාගාරයේ සිට ලබාදෙන උපදෙස්‌ මත හෙරොයින් ජාවාරම කරගෙන ගොස්‌ ඇති බවත් හෙළි කරගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා බත්තරමුල්ල දෙමහල් නිවසක්‌ රුපියල් 75000 ක මාසික කුලියට ගෙන ඇති බවත් සුඛෝපභෝගී ජීප් රථය වාහන කුලියට ලබා දෙන ස්‌ථානයකින් රුපියල් 150,000 ක මාසික කුලියට ලබාගෙන ඇති බවත් හෙළිවී තිබෙනවා.

සැකකරුවන් විසින් කුලියට ලබාගත් බත්තරමුල්ල නිවසේ තිබී මත්කුඩු ප්‍රවාහනයට පහසුවන සේ කපා සකස්‌ කරගත් විශාල ප්‍රමාණයේ ගෑස්‌ සිලින්ඩර් දෙකක්‌ද හමුවී තිබෙනවා. සැකකරුවන් සමග ත්‍රිරෝද රථයක්‌, ජංගම දුරකථන 03 ක්‌, මත්කුඩු කිරන්නට භාවිත කළ ඉලෙක්‌ට්‍රොනික්‌ තරාදි දෙකක්‌ පොලිසිය භාරයට ගත් බවයි වාර්තා වන්නේ.

මෙම මත්කුඩු තොගය බෝට්‌ටු මගින් මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වා ඇතැයි සැකකරන පොලිසිය මෙයට මාකඳුරේ මධුෂ්ගේ සම්බන්ධයක්‌ ඇතැයිද සැක පලකරනවා.

මීට මාස කිහිපයකට පෙර දකුණේ සිට මත්කුඩු කිලෝ 125 ක්‌ කොළඹට ප්‍රවාහනය කර ඇති බවට මත්ද්‍රව්‍ය කාර්යාංශයට තොරතුරු ලැබී තිබූ අතර එම කුඩු තොගය මේවාදැයි යන්න සැකකරුවන් දින 07 ක්‌ රඳවාගෙන විමර්ශනය කිරීමට නියමිතයි.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site