Home C Gossip “කෝච්චියට බෙල්ල තිබ්බාම එක තැන ලේ වැගිරෙන්නේ නෑ” – සිසුවියගේ මරණ පරීක්ෂණය...

“කෝච්චියට බෙල්ල තිබ්බාම එක තැන ලේ වැගිරෙන්නේ නෑ” – සිසුවියගේ මරණ පරීක්ෂණය වෙනත් ඉසවුවකට

SHARE

පසුගිය 14 වන දා රාත්‍රී 8.00ට පමණ කොට්ටාව දුම්රියපළ ආසන්නයේ දී දුම්රිය පීල්ලට ගෙල තබා දිවි නසා ගත් බව කියන කොළඹ ජනප්‍රිය බාලිකා විදුහලක උසස් පෙළ ජීව විද්‍යා අංශයේ සිසුවියක වන පබසරාගේ මරණය දිනෙන් දින සැක කටයුතු එකක් බවට පත්වෙමින් තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය ශාලිකා කරුණාරත්න කියා සිටියේ සිරුර පරික්ෂා කිරීමේ දී වසක් ශරීර ගත වී හෝ ගෙල මිරිකීමෙන් උගුරු දණ්ඩ කැඩී යාමේ ලක්ෂණ කිසිවක් පෙන්නුම් නොකරන නිසා සිරුරු කොටස් රස පරීක්ෂකට යොමු කරන බවයි.

කලින් නිසල කළ ඇගේ දේහය පීල්ල මත තබා දුම්රියේ රෝදවලට කැපී යාමට ඉඩ සලස්වා පොලිසිය නොමග යැවීමට අපරාධකරුවකු උත්සාහ ගත්තේද යන්න එම රස පරීක්ෂක වාර්තාවෙන් පසු හෙළි වනු ඇති බව වෛද්‍ය නිලධාරිනිය වැඩි දුරටත් කියා සිටියා.

සිද්ධිය වූ අවස්ථාවේ පිරිස අතර සිටි පුද්ගලයෙකු සඳහන් කළේ තරමක් වෙනස් කතාවක්.

“දුම්රිය රියදුරා කිව්වා, රේල් පීල්ල මත හිස තියාගෙන ඉන්න කාන්තාවක් දැකලා දෙපාරක්ම දුම්රිය නලාව ශබ්ද කළා කියලා. පීල්ලට ගෙල තබාගෙන ඉන්න කෙනෙක් නලා ශබ්දේ ඇහුනාම බයට ඇඟ හොල්ලනවලු. ඒ වුනාට මෙයා එහෙම හෙල්ලුවේ නෑලු. හෝමාගම රෝහලට රියදුරු සිරුර භාර දෙන විට මම දැක්කා, බෙල්ල තැබූ තැන ගල් කැට අතර ලේ වැගිරී තිබෙන හැටි. ඒ වගේම ඇගේ ඇස්වල කඳුළු මම දැක්කා. සාමාන්‍යයෙන් කෙනෙකු දුම්රියට බෙල්ල තිබ්බාම එහෙම එක තැනක ලේ එහෙම වැගිරෙන්නේ නෑලු.”

සවින්දිගේ පියා වන කපිල ජයසේකර කියා සිටියේ,

“පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වද්දී දුවගේ එක කනක කරාබුවක් නැති බව අධිකරණ වෛද්‍ය නිලධාරිනියට දැන්වුවා.මම කියන්නේ මගේ දුවගේ මරණයට වග කියන අපරාධකරු සැඟවී ඉන්නවා. ඔහු මතු කර ගැනීම පොලිසියේ හා මධ්‍යයේ වගකීමක්.”

මියගිය සවින්දී පබසරගේ ජංගම දුරකථනය ක්‍රියාත්මක වී පැවතීම නිසා ඒ හරහාද පරීක්ෂණ කිරීමේ හැකියාව ඇති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site