Home News Breaking කෝප් කමිටුව අද රැස්වෙයි

කෝප් කමිටුව අද රැස්වෙයි

580 views

08 වෙනි පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය විවෘත වීමෙන් අනතුරුව අද (07) දිනයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව පළමුවරට රැස්වීමට නියමිතව තිබෙනවා.

‍08 වෙනි පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය පසුගිය මැයි 08 වනදින ආරම්භ කෙරුණු අතර එහිදී පෙර පැවති කෝප් කමිටුවම යළි පත් කීරීමට යෝජනා කෙරුණා.

එහෙත් පසුගිය කෝප් කමිටුවේ සාමාජිකයෙකුව සිටි වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා වෙනුවට ඒ සඳහා ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා පත් කර තිබෙනවා.

ඒ අනුව මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගෙන් සමන්විත කෝප් කමිටුව අද පස්වරුවේ පළමු වරට රැස්වීමට නියමිතයි.

මෙහිදී කෝප් කමිටුව සඳහා සභාපතිවරයෙකු තෝරාගැනීම සිදුකිරීමට නියමිත අතර බොහෝ දුරට පසුගිය කමිටුවේ සභාපතිවරයාව සිටි ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා යළි සභාපතිධුරයට පත් කෙරෙනු ඇති බව වාර්තා වනවා.

මේ අතර කෝප් කමිටුවේ සිටින සියලු සාමාජිකයින් අර්ජුන් ඇලෝෂියස්ගෙන් මුදල් ලබා නොගත් බවට දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site