Home News Breaking ගතවූ දින දෙකතුල පුද්ගලයින් 12 දෙනෙකු කපා දැමු යාපනයේ බිහිසුණු කල්ලිය

ගතවූ දින දෙකතුල පුද්ගලයින් 12 දෙනෙකු කපා දැමු යාපනයේ බිහිසුණු කල්ලිය

SHARE

යාපනය දිස්ත්‍රීක්කයේ කඩු කිනිසි ගත් තවත් බිහිසුණු කල්ලියක් විසින් අඟහරුවාදා (14) රාත්‍රියේ ස්ථාන 4 කදී පුද්ගලයින් 8 දෙනෙකු කපා පළා යාම හේතුවෙන් යාපනය ජනතාව තුළ නැවතත් බියක් හට ගෙන තිබෙනවා.

මණිපායි පොලිස් වසමට අයත් සංගුවේලි උතුර ප්‍රදේශයේදී අද (15) විදෙස්ගත වීමට සූදානම් වූ පවුලක තිදෙනෙකු හා ත්‍රී රෝද රථ රියදුරෙකු මෙලෙස යතුරු පැදි 5 කින් පැමිණි පිරිසක් විසින් කපා කොටා තිබෙනවා.

එසේම මෙම යතුරු පැදි කල්ලිය යන අතරමගදී නැවත යාපනය පොලිස් වසමේදී මාර්ගයේ ගමන් කරමින් සිටි කුලසිංහම් කුලප්‍රදීපන් නැමත්තෙකුද කපාගෙන ගොස් තිබෙනවා.

යාපනය පොලීසිය වැඩිදුරටත් සදහන් කලේ කෝපායි පොලිස් වසමේ මුකමඩම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ධනබාලසිංහම් එක්මන්රාජ් හා ජේසුදාසන් ජෙගන්දන් නැමැති දෙදෙනා ද කොණ්ඩාවිල් බස්නැවතුම්පළ ඉදිරිපිට පිහිටි වෙළඳසැලක් අසල සිටි සේලවරාසා මණ්මාරන් යන අයද මෙලෙස තියුණු ආයුධ වලින් කපා කොටා පළා ගොස් ඇති බවයි.

මෙලෙස ගත වූ දින දෙක ඇතුළත පුද්ගලයින් 12 දෙනෙකු බරපතල කැපුම් තුවාල සහිතව මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් මේ දක්වා කිසිවෙක් පොලිස් අත්අඩංගුවට ගැනීම නොහැකි වී ඇති බවද පොලීසිය සදහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site