Home News Breaking ගසක් කඩා වැටීමෙන් තිදරු පියෙක් ජිවිතක්ෂයට

ගසක් කඩා වැටීමෙන් තිදරු පියෙක් ජිවිතක්ෂයට

836 views

ගසක් කඩා වැටීම නිසා ඊට යටවු තිදරු පියෙක් රෝහල වෙත රැගෙන යමින් සිටියදි මිය ගොස් ඇති බව තලවාකැලේ පොලීසිය පවසනවා.

මෙසේ ජිවිතක්ෂයට පත්වුයේ තලවාකැලේ පොලිස් වසමට අයත් ග්‍රේට් වෙස්ටන් ප්‍රදේශයේ ස්කල්පා තේ වත්තේ පදිංචිව සිටි මාරිමුත්තු තිරිකේදිස්වරන් නමැති 40 හැවිරිදි තිදරු පියක්.

තේ වතුයායේ සරුවට වැඩි ඇති ටර්පන්ටයින් වර්ගයට අයත් ගස් කපා ඉවත් කිරීම ජීවිකාව කරගත් ඔහු කොන්ත්‍රාත් පදනම මත එම කාර්යේ නිරතව සිටි පුද්ගලයෙක්.

එලෙස ගසක් කපමින් සිටියදි ඊයේ(11) ප.ව 2.30 ට පමණ ඔහුගේ ශරිරය මතට ගසක් කඩා වැටීම නිසා බරපතළ තුවාල ලබා සිටි බවත් රෝහල වෙත රැගෙන යමින් සිටියදී අතර මගදි ඔහු ජිවිතක්ෂයට පත්වු බවත් පොලීසියට වාර්තා වී තිබෙනවා.

මෘත දේහය ලිඳුල රජයේ ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර ඇති අතර අද(12) පශ්චාත් මරණ පරික්ෂණයකින් පසු ඥාතින්වෙත භාර දිමට නියමිතයි.

තලවාකැලේ පොලිසිය ඉදිරි පරික්ෂණ මෙහෙය වනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site