Home News Breaking ගාලු කොටුව තුළට ඇතුල් කිරීම තහනම් කල වාහන මෙන්න

ගාලු කොටුව තුළට ඇතුල් කිරීම තහනම් කල වාහන මෙන්න

1,296 views

යුනෙස්කෝ ලෝක උරුම කලාපයක් වන ගාලු කොටුව තුළට බර වාහන ඇතුළු කිරීම තහනම් කිරීමට පොලීසිය අද සිට (ඔක්තොම්බර් 01) පියවර ගෙන තිබෙනවා.

මේ අනුව උසින් මීටර් 3ට වැඩි සහ බරින් ටොන් 5ට වැඩි වාහන ගාලු කොටුවට ඇතුළු කිරීම අද සිට තහනම්.

මේ සඳහා වන ගැසට් නිවේදනය 2009 වසරේ නිකුත් කර තිබුණත් එය මේ දක්වා ක්‍රියාත්මක කර නොතිබුණු බවද පොලිසිය සඳහන් කරනවා.

කෞතුක සහ පෞරාණික වටිනාකමකින් යුතු ජාත්‍යන්තර සම්පතක් වන ගාලු කොටුව සුරැකීම වෙනුවෙන් විශේෂඥ උපදෙස් මත මෙම තීරණය අද සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

ගාලු කොටු පවුරට ඇතුළු වන ස්ථානයේ ඉහළ කොටසේ ලොරියක් ගැටීම නිසා ඉකුත් පෙබරවාරි මාසයේ කොටු පවුරට හානි සිදු වී තිබුණා.

එමෙන්ම, මේ හරහා කොටු පවුර ඇතුළත වාහන තදබදය මෙන්ම පදිකයන්ට සිදුවන අපහසුතා සහ අනතුරුද වළකා ගැනීම ද අපේක්ෂා කෙරෙන බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site