Home News Breaking ගිනිඅවි සමඟ හය දෙනෙකු පොලිස් දැලේ

ගිනිඅවි සමඟ හය දෙනෙකු පොලිස් දැලේ

856 views

මොණරාගල ඇතිමලේ කොටියාගල ප්‍රදේශයේ දී ඇතිමලේ පොලිසිය විසින් ඊයේ (12) රාත්‍රී සිදු කල වැටලීමකදී නීති විරෝධීව මෙරට නිෂ්පාදනය කරන ලද ගිනිඅවි හතරක් ළඟ තබාගෙන සිටි පුද්ගලයන් හයදෙනකු ඇතිමලේ පොලිසිය විසින් අත්වඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක් වන අතර මෙම සැකකරුවන් විසින් ප්‍රදේශයේ සතුන් දඩයම් කිරිමේ අරමුණින් මෙම ගිනිඅවි ලඟ තබාගෙන සිට ඇති බවට මූලික පොලිස් අනාවරණය වී තිබෙනවා.

සැකකරුවන් විසින් දීර්ඝකාලයක සිට මෙම ගිනිඅවි භාවිත කරමින් ප්‍රදේශයේ රක්ෂිත ආශ්‍රිතව සතුන් දඩයම් කර මස් අලෙවි කර ඇති බවටද පොලිසිය අවස්ථා කිහිපයකදී තොරතුරු ලැබී තිබුණා.

පසුව සූක්ෂම ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී මෙම ගිනිඅවි අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ගිනිඅවි සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඇතිමලේ පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site