Home News Breaking ගිනිපෙට්ටි බෙදූ බදියුද්දීන්ගේ රජයේ හෙන්චයියෙකු ගිණිපෙට්ටි සමග අත්අඩංගුවට

ගිනිපෙට්ටි බෙදූ බදියුද්දීන්ගේ රජයේ හෙන්චයියෙකු ගිණිපෙට්ටි සමග අත්අඩංගුවට

1,015 views

කින්නියා පොලිස් වසමට අයත් මධ්‍ය මහා විද්‍යාලය හා අබ්දුල් මජිඩ් විද්‍යාලය යන ඡන්ද මධ්‍යස්ථාන ආසන්නයේ සැක කටයුතු ලෙස ගැවසුනු තිදෙනෙකු අද (10) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

කින්නියා නගරයේදි අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ රුව සහ ඔහුගේ පක්ෂයේ ඡන්ද ලකුණ මුද්‍රණය කල ගිණි පෙට්ටි බෙදු රජයේ සේවකයෙකු ගිණිපෙට්ටි 12ක් සමග අත්අඩංගුවට ගත්බවද සදහන්.

තවද නීති විරෝධි ලෙස මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ඡන්ද සලකුණු ප්‍රදර්ශනය කල දෙදෙනෙකු ඊයේ (09) කින්නියා නගරයේදි අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙම සිද්ධින් සම්බන්ධයෙන් කින්නියා පොලීසියේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.එම්. පි.බි.විජේසිරිගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක කෙරෙනවා.