Home News Breaking ගිනි අවි සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් දැලේ

ගිනි අවි සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් දැලේ

206 views

ගිනි අවි දෙකක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු කහවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කහවත්ත පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී කහවත්ත, අටකලන්පන්න ප්‍රදේශයේ දී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඔහු සතුව තිබී මෙරට නිෂ්පාදිත රිවෝල්වර ගිනිඅවියක් සහ ටී – 56 ජීව උණ්ඩ තුනක් පොලීසිය විසින් සොයාගෙන තිබුණා.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න ‍කිරීම්වල දී අදාළ ගිනි අවිය ඔහු විසින් නිෂ්පාදනය කරන ලද්දක් බවට අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම සැකකරු විසින් නිෂ්පාදනය කර අලෙවි කළ තවත් බෝර 12 පතරොම් ගිනි අවියක් ළඟ තබාගෙන සිටි අයෙකු කහවත්ත, කහවතුකන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 29 හැවිරිදි සහ 35 හැවිරිදි පුද්ගලයින් වන අතර ඔවුන් අද(05) පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site