Home News Breaking ගිලා බැසීමේ අවදානමක් නිසා 12ක් ඉවත් කෙරේ

ගිලා බැසීමේ අවදානමක් නිසා 12ක් ඉවත් කෙරේ

354 views

බණ්ඩාරවෙල ලියන්ගහවෙල වසමට අයත් බලගල වතුයායේ අද (21) නිරීක්ෂණය වූ ගිලා බැසීමේ අවදානම් තත්වයක් හේතුවෙන් එම ස්ථානයේ පිහිටි නිවාස දෙකක පදිංචි 12 දෙනෙකු පමණ ඔවුන්ගේ ආරක්ෂාව පතා එම ස්ථානයෙන් ඉවත් කිරිමට පියවර ගත් බව බදුල්ල ආපදා කළමණාකරණ අධ්‍යක්ෂක ඊ එම්. එල් උදයකුමාර සඳහන් කළා.

ගිලා බැසීමේ තත්වය හේතුවෙන් මේ වන විටත් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.

වර්ෂාවක් පවා නොමැති අවස්ථාවක ඇතිවූ මෙම ගිලා බැසීමේ තත්වයට නිශ්චිත හේතුවක් මේ වන තුරුත් අණාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරී පිරිසක් පිටත්කර යවා ඇතැයිද ඔහු වැඩිදරටත් සඳහන් කළා.

අනතරුදායක තත්වයක් නිර්මාණය වේය යන සැකය මත එම ස්ථානයේ පදිංචි පිරිස මෙසේ ඉවත්කිරීමට පියවර ගත් බවද ඔවුන්ට නවාතැන් ගැනීම සදහා ස්ථානයක් පිළියල කරදීමට පියවර ගන්නා බවද උදය කුමාර වැඩිදුරටත් කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site