Home News International ගුවන් යානයක් සිදුකළ හදිසි ගොඩබෑමකදී ජීවිත දෙකක් බිලි ගනියි

ගුවන් යානයක් සිදුකළ හදිසි ගොඩබෑමකදී ජීවිත දෙකක් බිලි ගනියි

SHARE

පෘතුගාලයේ වෙරළ තීරයක් වෙත සැහැල්ල ගුවන් යානයක් සිදුකළ හදිසි ගොඩබෑමකදී පුද්ගලයෙකු හා කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ලිස්බන් නගරයෙන් නිරිතදිග පිහිටි කපාරිකා හි සාඕ ජොආඕ වෙරළ තීරයේදී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වූ බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.

පෘතුගාලයේ ජාතික නාවුක අධිකාරිය පවසන්නේ මෙම සැහැල්ලු ගුවන් යානය හදිසි ගොඩබෑම සිදුකරන අවස්ථාවේදී එම වෙරළේ සිටි මැදි වයසේ පුරුෂයාට සහ කුඩා ගැහැණු දරුවාට එම මාර්ගයෙන් ඉවත්වීමට අවස්ථාවක් නොලැබී ඇති බවයි.

කෙසේ වෙතත්, යානයේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනා නිරුපද්‍රිතව දිවි ගලවාගෙන ඇති බව සඳහන්.

සිද්ධිය ඇසින් දුටුවෙකු පවසා තිබුනේ මෙම යානය වෙරළ තීරයේ ඉතා පහළින් ගමන් කළත් ඒ පිළිබඳ සැකයක් ඇති නොවූ බවයි.

කෙසේ වෙතත්, වෙරළේ සිටි පිරිස් එක්වරම දිව යෑමට පටන්ගැනීම නිසා යම් අනතුරක සේවායක් දිස්වු බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site