Home C Lifestyle ගෙදර අැතුලෙම තිබෙන වස විස මොනවද කියල දන්නවද?

ගෙදර අැතුලෙම තිබෙන වස විස මොනවද කියල දන්නවද?

988 views

පවුලේ සාමාජිකයන් ලෙඩ වුණාම වැඩිම කරදර විඳින්න වෙන්නෙ ගෘහණියටයි.

ඒ වගේ ම දෛනික ආහාර රටාව ලෙඩුන්ට ගැළපෙන විදියට වෙනස් කරන්නත්, අමතර බෙහෙත් ඖෂධ පිළියෙල කර දෙන්නටත්, ඒ වෙනුවෙන් අමතර කාලයක් මිඩංගු කරන්නටත් සිදුවන්නේ ගෘහණියටයි.

මේ නිසා ගෙදර සාමාජිකයන්ගෙන් නිතර නිතර අහන්නට ලැබෙන සෞඛ්‍ය ගැටළු ගැන වැඩි ම අවධානයෙන් කටයුතු කරන්නට ගෘහනිය සමත්විය යුතුමයි.

ඉක්මණින් ගෙදර වටපිටාවෙන් ඉවත් කරන්නටත් ගෘහනියක් හැටියට ඔබට හොඳ ඉවක්, අවබෝධයක් වගේම හැකියාවක් තිබිය යුතුයි.

ගෘහාශ්‍රිතව පවතින එවැනි වසවිස ගැන අපි අද දැනුවත් වෙමු.

පරිහරණයෙන් තොර සහ නිතර පරිහරණය නොවන බෙහෙත් වර්ග

අසනීප වූ අවස්ථාවල දි රැගෙන ආ බෙහෙත් පෙති වර්ග, සිරප් වර්ග, බාම් වර්ග දින ඉකුත් ව තිබිය දීත් නිවසේ තැන තැන තිබී සොයාගන්නට හැකි ද බලන්න.

කුඩා දරුවන් සිටින ගෙදරක් නම් ඔබ එවැනි තත්වයන් ගැන අතිශයින් ම සැලකිලිමත් විය යුතුයි.

බෙහෙත් රසායනිකවල අහිතකර විෂවීම්, නිසා මාරාන්තික අවදානමකට පවා නිවැසියන්ට ගොදුරුවන්නට ඉඩ ඇති බව මතක තබා ගන්න.

මදුරු කොයිල්

මදුරුවන් බෝවීම වළක්වාගැනීමට නිවස පිරිසිදුව තබාගැනීම වෙනුවට මදුරු කරදරයෙන් මිදීමට දිනපතා මදුරු කොයිල් පත්තු කිරීම ඔබේ නිවසේත් පුරුද්දක් වී තිබෙනවාද?.
එය වහාම නතර කරන්න.
වෙළඳ දැන්වීම්වලින් ඔබට කියාපාන තත්වයට වඩා මදුරු කොයිල් අතිශයින්ම ශරීරයට, විශේෂයෙන් ම ඔබේ පෙනහලුළුවලට දරුණු ලෙස බලපෑම් ඇති කරවන අහිතකර දුමෙන් යුක්ත බව මතක තබා ගන්න.

හඳුන්කූරු

ආගමික කටයුතු වෙනුවෙන් නිවසේ තබා ගන්නා ඇතැම් හඳුන්කූරු වර්ගවල වල සින්තටික් කෙමිකල් අඩංගු‍ වනවා. සින්තටික් කෙමිකල් ශරීරයට අතිශයින්ම අහිතකරයි. හඳුන්කූරු භාවිතයේ දී ඒ අවදානම හොඳින් සිහි තබාගැනීමත් අනවශ්‍ය වසවිසෙන් ප්‍රවේශම් වීමට ඉතා වැදගත් වනවා.

ප්ලාස්ටික් වර්ග

නිවස තුළ කැළිකසළ ලෙස විසි කරන්නට සිදුවන පොලිතින්, යෝගට් බඳුන්, ෂොපින් කවර, නිරන්තරයෙන් පුළුස්සා දැමීමත්, විශාල ප්‍රමාණයක් එකතුවන තුරු සිට පිළිස්සීමත්, නිවසට, කාමරවලට ඉතා ආසන්නයේ පිළිස්සීමත් කිසිසේත් සුදුසු නැහැ.

අහිතකර අම්ල ඔබේ ප්‍රජනන පද්ධතියට, පෙනහළු ක්‍රියාකාරීත්වයට, ඇදුම, කැස්ස, වැනි රෝගවලින් පෙළෙන අයට, කුඩා දරුවන්ට, ගැබිනි මවුවරුන්ට, රෝගීන්ට, වැඩිහිටියන්ට විවිධ ආසාත්මිකතා, ඇතැම්විට මාරාන්තික අවදානම් තත්වයන් ඇතිවන්නට ද බලපෑ හැකියි.

ඒ නිසා හැකිතාක් ප්ලාස්ටික් භාවිතය සීමාකිරීමත්, එකතුවන ප්ලාස්ටික් සහ පොලිතින් නිසි පරිදි ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියෙහි යෙදවීමත් ඉතා වැදගත්.

මීට අමතර ව, පරිහරණයෙන් ඉවත ලූ ජංගම දුරකථන බැටරි, කැඩුණු සී එෆ් එල් බල්බ, සේදුම්කාරක කුඩු වර්ග සහ දියර වර්ග, Air Fresheners, ඇස්බැස්ටස් වහල, ආදිය ඔබේ පවුලේ සාමාජිකයන්ගේ සෞඛ්‍යයට අහිතකර බලපෑම් එල්ලකරන්නට ඉඩ ඇති බව හොඳින් සිතන්න.

ඒ සියලු ඉඩ අවකාශ අහුරා තබන්න.

නොසැලකිලිමත්බව, නිවස පිරිසිදුව තබා ගැනීමට නොහැකිවීම, නිරන්තරයෙන් ගෘහ කටයුතු මඟහැරීයාම වැනි දුර්වලතා හේතුවෙන් වසවිස ශරීරගත වුවහොත් එයින් ඔබ මෙන් ම ඔබේ පවුලේ සාමාජිකයන් ද ඉතා අපහසුවට පත්වන බව මතක තබාගන්න.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site