Home News Breaking ගෝඨාභයගේ තහනම තවත් දීර්ඝ වෙයි

ගෝඨාභයගේ තහනම තවත් දීර්ඝ වෙයි

708 views

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 28 වන දා දක්වා තව දුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝගය කර තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ විසින් ගොණු කළ පෙත්සමක් යළි සළකා බැලීමෙන් පසුවයි අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශ්‍රිරාන් ගුණරත්න යන විනිසුරුවන් මෙම නියෝගය ලබා දී ඇත්තේ.

ගෝඨාභයට රාජපක්ෂ අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම මඟින් කියා සිටින්නේ, පසුගිය රජය සමයේ ඩී.ඒ.රාජපක්ෂ කෞතුගාරය ඉදි කිරීමේ දී රුපියල් මිලියන 81 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය තමන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සහතිකයක් ගොනු කර ඇති බවයි.

පොදු දේපල පනත යටතේ චෝදනා එල්ල කිරීමට පදනමක් නොමැති බව කියා සිටියා.

ඒ අනුව තමාට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගැනීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද ගෝඨාභය රාජපක්ෂ ඉල්ලීමක් කර තිබෙනවා.

අදාළ පෙත්සම අද කැඳවු විට ඔහු වෙනුවෙන් ඉදිරිපත් වු ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මෙම කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට හෝ චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් කිසිදු විරුද්ධත්වයක් නොමැති බව කියා සිටියා.

කෙසේ වෙතත් ඔහු අත්අඩංගුවට ගැනීමට හා පොදු දේපල පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති සහතික පත්‍රය මත ක්‍රියා නොකරන්නේ නම් මෙම නඩුව සමතයකට පත් කිරීමට හැකියාවක් පවතින බව ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා තිබෙනවා.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවත් එයට කල් ලබා දෙන ලෙසයි.

ඒ අනුව ලබන 27 වන දිනට නඩුව නැවත විභාග කිරීමට නියම කළ අභියාචනාධිකරණය එදිනට පෙත්සම්කරුගේ ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය පැහැදිලි කරන්නැයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට නියෝග කර තිබෙන අතර අනතුරුව තහනම් නියෝගය ලබන 28 දක්වා කල් දමා තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site