Home News Breaking ඡන්දෙට ගමට යන ජනතාවට ලං.ග.මෙන් විශේෂ වැඩක්

ඡන්දෙට ගමට යන ජනතාවට ලං.ග.මෙන් විශේෂ වැඩක්

906 views

2018 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ ගමන් පහසුව උදෙසා අද (07) පස්වරු 4.00 සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ධාවන) පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි පැවසුවා.

එමෙන් ම මෙම විශේෂ බස් රථ සේවාව සඳහා 09දා උපරිම බස් ප්‍රමාණයක් යෙදවීමට කටයුතු කරන බවත් ඔහු පෙන්වා දුන්නා.

ගම්බිම් බලා ගොස් නැවත කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් ද 11 සහ 12යන දෙදින දිවයිනේ විවිධ ප්‍රදේශ වෙතින් විශේෂ බස් රථ යොදවා ඇතැයි ද ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නා.