Home News Breaking ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඇරඹෙයි ! කඩිනමින් ප්‍රතිඵල

ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඇරඹෙයි ! කඩිනමින් ප්‍රතිඵල

4,560 views

කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු පස්වරු 4.30ට ආරම්භ වූ බව කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කුමුදුනී විජේකුරුප්පු c news අප සමග පවසා සිටියා .

කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කුමුදුනී විජේකුරුප්පු වැඩිදුරටත් පැවසුවේ ,

“අපි උපදෙස් දීලා තියෙනවා පස්වරු 4.30ට ඡන්දය ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන්න. ඡන්ද ගණන් කිරීමෙන් අනතුරුව ඒ සකස් කරපු ප්‍රතිඵලය කලාප භාර තේරීම්භාර නිලධාරීන්වරුන් විසින් කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිටුවා තිබෙන ප්‍රථිඵල සකස් කිරීමේ මධ්‍යස්ථානය වෙත ගෙන එනවා.
සභා මට්ටමෙන් සමස්ත ප්‍රථිඵලය සකස් කරන්නේ සහ නිකුත් කරන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිටුවා තිබෙන ප්‍රථිඵල මධ්‍යස්ථානයේ දීයි.
ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත් කෙටි කාලයක් තුළ මේ ඡන්ද විමසීමේ දී ප්‍රතිඵල නිකුත් කිරීමට පුළුවන් වෙයි කියලා මොකද වෙනදා ඡන්ද පෙට්ටි සීල් කරගෙන ඇවිල්ලා ආපහු දිග ඇරලා කරන ගණන් කිරීමේ ක්‍රමවේදයක් තිබුණේ නමුත් අපි ඊට වඩා කෙටි ක්‍රමවේදයක් තමයි මෙවර භාවිතා කරන්නේ ඒකත් එක්ක ඉතාමත් ඉක්මනින් ප්‍රතිඵලයක් නිකුත් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.”

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී පසුගිය මැතිවරණවලදී සිදු කළ පරිදි ඡන්ද ගණන් කිරීම මධ්‍යගතව එනම් දිස්ත්‍රික් මූලස්ථානයේදී සිදු නොකෙරෙන අතර ඡන්ද මධ්‍යස්ථානයේ දී ම ඡන්දය ගණන් කිරීම සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. සියලු ම පළාත් පාලන ආයතන කොට්ඨාසවලට වෙන් කර ඇති අතර කොට්ඨාසයක්, ඡන්ද මධ්‍යස්ථාන එකකින් හෝ කිහිපයකින් සමන්විත වේ.

ඒ ඒ ඡන්ද මධ්‍යස්ථාන මට්ටමින් ඡන්ද ගණන් කිරීම සිදු කරන නමුත් ආරක්ෂක හේතු මත හෝ යටිතල පහසුකම් පිළිබඳ කරුණු මත හෝ බොහෝ අවස්ථාවලදී ඒ ඒ කොට්ඨාසවල ප්‍ර‍ධාන ඡන්ද මධ්‍යස්ථානය පිහිටි පරිශ්‍රයේදී එකී කොට්ඨාසයේ සියලුම ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද ගණන් කිරීම සිදු කරනු ලැබේ. තැපැල් ඡන්දය ගණන් කිරීම සිදු කරනු ලබන්නේ කොට්ඨාස මුලස්ථානය වූ ඡන්ද මධ්‍යස්ථානයේදීය. තැපැල් ඡන්ද හිමියන්ගේ සංඛ්‍යාව 50කට අඩු අගයක් ගනී නම් තැපැල් ඡන්ද හිමියන්ගේ ඡන්දයේ රාහස්‍යභාවය සුරැකීම සඳහා එම ඡන්ද ගණන් කරනු ලබන්නේ එම ඡන්ද මධ්‍යස්ථානයේ සාමාන්‍ය ඡන්ද හිමියන්ගේ ඡන්ද සමඟ මිශ්‍ර‍ කිරීමෙනි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site