Home News Breaking ඡන්ද පෙට්ටි බෙදා හැරීම අද

ඡන්ද පෙට්ටි බෙදා හැරීම අද

336 views

හෙට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළව ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි බෙදා හැරීම අද උදෑසන 9 ට ආරම්භ කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.

ඊට අදාළව ඡන්ද මධ්‍යස්ථාන ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිවරුන්ගේ පරීක්ෂා කිරීමේ කටයුතුද ඊයේ සිදුකෙරුණා.

එමෙන්ම, ඡන්ද මධ්‍යස්ථානවල පෙරහුරු අද දිනයේදී සිදුකිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.