Home News Breaking ජනපති පැමිණෙන තෙක් අගමැති බලාසිටියි

ජනපති පැමිණෙන තෙක් අගමැති බලාසිටියි

261 views

රට ඉදිරියට ගෙන යෑම සඳහා ජනපති දිවයිනට පැමිණි පසු අලුත් වැඩසටහනක් රජය ක්‍රියාත්මක කරන බවත් ඒ තුළින් රජය ඉදිරියට යෑමට අපේක්ෂා කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශීර්වාද ලබාගැනීම සඳහා ඊයේ (18) මහනුවරට පැමිණි අගමැතිවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළා.

පසුගිය වසරේ මහනුවර ඇතිවූවාක් මෙන් අවාසනාවන්ත සිදුවීම් යළිත් ඇති නොවන්නට සාමය හා සංහිඳියාව ශක්තිමත් කිරීමට රජය විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරන බව ද අගමැතිවරයා සඳහන් කළා.

ව්‍යාපෘති ගණනාවක් අවසන් අදියරේ තිබෙන බවත් තවත් ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර, ආණ්ඩුව ආරම්භ කළ ව්‍යාපෘති ගණනාවක ප්‍රතිලාභ මෙම වසරේ අත්විඳින්නට ජනතාවට අවකාශ සැලසෙන බවත් අගමැතිවරයා පැවසුවා.

සහජීවනයෙන් යුතුව රටේ කටයුතු ඉදිරියට ගෙන යාම ආණ්ඩුවේ අරමුණ බව ද අගමැතිවරයා පැවසුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site