Home News Breaking ජනපති සහ අගමැතිට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි,යළි සිතාසි

ජනපති සහ අගමැතිට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි,යළි සිතාසි

908 views

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායකට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා ජුලි 24 දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නැවත සිතාසි යැවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේ ය.

ඒ එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි හමුවේ කැඳ වූ අවස්ථාවේදීයි.

එම සාක්ෂිකරුවන් දෙදෙනා කාර්යය බහුලත්වය නිසා අද දින අධිකරණය හමුවේ පෙනී සිටිය නොහැකි බව නීතිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බවත් ඔවුන් දෙදෙනාගේ සාක්ෂි ලබා ගැනීමෙන් පැමිණිල්ලේ සාක්ෂි විභාගය ආරම්භ කළ යුතු බව ත් පෙන්වා දෙමින් රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනෙවිය කළ කරුණු දැක්විම සලකා බැලූ විනිසුරුවරයා එම නියෝග කළේ ය.

මින් පෙර අවස්ථා ගණානාවකදී ම සිතාසි නිකුත් කොට තිබියදිත් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා නඩුවේ සාක්ෂි විභාගය කල් තැබීමට සිදුවූ බවත් එමගින් දෙපාර්ශවයට ම සාධාරණයක් ඉටු කිරීමට බාධාවක් වි ඇති බවත් එහිදී මහාධිකරණ විනිසුරුවරයා පෙන්වා දුන්නේ ය.

විත්තිකාර තිස්ස අත්තනායක ට විත්තිකරුවෙකු ලෙස දිගට ම සිටිය නොහැකි බවත් එම නියෝගය නිකුත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

යළි සිතාසි ලද විටක අධිකරණය හමුවේ පෙනි සිටින ලෙසට ද පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දීමට අද අධිකරණයට පැමිණ සිටි සාක්ෂිකරුවන්ට විනිසුරුවරයා එහිදී අවවාද කළේ ය.

2004 දෙසැම්බර් 22 දා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් එවකට විපක්ෂ නායකයා වූ රනිල් වික්‍රමසිංහට හා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන අතර රහස් ගිවිසුමක් ඇති බවට ප්‍රකාශ කිරීම මගින් ජනාධිපති මැතිවරණ පනත හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගැනෙන දඬුවම් ලැබිය හැකි වැරදි සිදු කළේ, යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තිස්ස අත්තනායක ට එරෙහිව මෙම නඩුව පවරනු ලැබ තිබිණ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site