Home News Breaking ජනාධිපති, අගමැති ඡන්දය ප්‍රකාශ කරයි

ජනාධිපති, අගමැති ඡන්දය ප්‍රකාශ කරයි

914 views

ජනාධිපතිතුමාත්, අග්‍රාමාත්‍යවරයාත්, කතානායකවරයාත්, විපක්‍ෂනායකවරයාත්, හිටපු ජනාධිපතිවරුනුත් අද උදෑසනින්ම ඡන්දය ප්‍රකාශ කිරීමට එක්ව සිටියා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ඡන්දය ප්‍රකාශ කළේ පොළොන්නරුව නවනගරයේ විද්‍යාලෝක විහාරස්ථානයේදීයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කොළඹ විශ්වවිද්‍යාලයේ සනාතන මන්දිරයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළා.

කිරිල්ලවල රන්මුතුගල විහාරයේ දීයි කතානායක කරූ ජයසූරිය සිය ඡන්දය ප්‍රකාශ කළේ.

විපක්‍ෂ නායක ආර් සම්බන්ධන් ත්‍රිකුණාමලය ශාන්ත මේරි විද්‍යාලයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග සිය ඡන්දය ප්‍රකාශ කළේ නිට්ටඹුව ශ්‍රී ජ්‍යෙෂ්ඨාරාම විහාරස්ථානයේදීයි.

මැදමුලන ඩී ඒ රාජපක්‍ෂ විද්‍යාලයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඡන්දය ප්‍රකාශ කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site