Home News Breaking ජපන් කොරළි වඳවෙමින් කැටලා මසුන් බෝවීමේ වර්ධනයක්

ජපන් කොරළි වඳවෙමින් කැටලා මසුන් බෝවීමේ වර්ධනයක්

972 views

උතුරේ වැව්වල තිලාපියා වර්ගයට හෙවත් ජපන් කොරළි ලෙස හඳුන්වන මාළුන් වදවී ගොස් ඒ වෙණුවට කැටලා මසුන්ගේ බෝවීමේ වර්ධනයක් සිදුව ඇතැයි මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ නිරත ධීවර කාර්මිකයෝ පෙන්වා දෙනවා.

කැටලා වර්ගයේ මසුන් ධීවරයින් විසින් හඳුන්වනු ලබන්නේ ”සූප්පුවා” යන නමින්. ඒ එම මත්ස්‍යයින්ගේ මුඛය සූප්පුවක හැඩය ගෙන ඇති නිසා.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය මගින් කැටලා වර්ගයේ හා තවත් අළුත් මත්ස්‍ය ප්‍රභේද රැසක මාළු පැටවුන් උතුරේ වැව් වලට මුදා හැරීමෙන් පසුව එම මත්ස්‍ය ප්‍රභේද කඩිමනින් වර්ධනය වීමත් සමඟම තිලාපියා වර්ගයේ (ජපන් කොරළී) මසුන් වදවීමට පටන් ගෙන ඇති බව මිරිදිය ධීවර කාර්මිකයෝ කියා සිටිනවා.

තිලාපියා වර්ගයේ මසුන්ට පාරිභෝගිකයින් අතර ඉතා හොද ඉල්ලුමක් ඇති නමුත් කටලා වර්ගයේ මසුන් හා සෙසු නව මත්ස්‍ය විශේෂවලට ඉල්ලුමක් නොමැති නිසවෙනුයි මත්ස්‍ය අලෙවිය පහත වැටෙන තත්ත්වයකට පත්ව තිබෙන්නේ.

මේ අතර නව මත්ස්‍ය විශේෂයන් වැව්වල අධිකවීමත් සමඟම උතුරේ වැව් වලින් ලූලන් සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇති තත්ත්වයක්ද දක්නට ලැබෙන බව උතුරේ මිරිදිය ධීවර කාර්මිකයෝ පෙන්වා දෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site