Home News Breaking ජපන් රැකියා සඳහා යන පළමු කණ්ඩායමට ගුවන් ටිකට්පත් පිරිනමයි – PHOTOS

ජපන් රැකියා සඳහා යන පළමු කණ්ඩායමට ගුවන් ටිකට්පත් පිරිනමයි – PHOTOS

432 views

ජපානයේ තාක්ෂණික සීමාවාසි පුහුණු වැඩසටහන යටතේ පුහුණුව ලබා ජපානය බලා පිටත්ව යාමට නියමිත ප්‍රථම කණ්ඩායම සදහා ගුවන් ටිකට්පත් විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් අද දින (23) එම අමාත්‍යංශයේදී පිරිනමනු ලැබුවා.

ජපානය බලා පිටත්ව යන පළමු කණ්ඩායමට තරුණයින් දෙදෙනෙකු ඇතුළත් වන අතර, ඔවුන් අද දින ජපානය බලා පිටත්ව යාමට නියමිතයි.

IM ජපන් ආයතනය හා විදේශ රැකියා අමාත්‍යංශය අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජපානයේ තාක්ෂණික සීමාවාසි පුහුණුව (Technical Intern Training Programme) සමඟ රැකියා අවස්ථා උදාවේ.

තෝරාගත් 53 දෙනෙකු මේ වන විට විදේශ සේවා කාර්යාලයේ රත්නපුර පළාත් කාර්යාලයේ ජපන් භාෂා හා සාත්තු සේවිකා පුහුණුව හදාරයි.

මෙම පිරිස් යමහා” යමාකි” සුසුකි” කට්සුම් කායි” සන්ලයිෆ් වැනි ජපානයේ කීර්තිමත් සමාගම්වල තාක්ෂණික සීමාවාසී පුහුණුව සමඟ රැකියා සඳහා තෝරාගෙන සිටියි.

ඉදිරි මාසවලදී ඔවුන් ජපානය බලා පිටත්ව යාමට නියමිතයි.

IM ජපන් ආයතනයේ මෙරට නියෝජිත ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී කමල් අත්තනායක විසින් මෙම වැඩසටහන දෙරට අතර සම්බන්ධීකරණය කරන අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු ගෘහස්ථ නොවන හා අළෙවිකරණ යන අංශයන් මගින් බඳවාගැනිම් හා පුහුණු කිරීම් සිදුකරනු ලබයි.

තෝරාගත් තරුණ තරුණියන් සඳහා ජපන් භාෂා හා සාත්තු සේවා, කෘෂිකාර්මික හා කර්මාන්ත අංශ පිළිබඳව මාස 4ක පුහුණුව රත්නපුර නගරයේ පිහිටි කාර්යාංශයේ සබරගමුව විගමණික සම්පත් මධ්‍යස්ථානයේදී සිදුකරන අතර, එය ජපන් ජාතික ගුරුවරියකගේ අධීක්ෂණය යටතේ මෙරට ප්‍රවීන ජපන් භාෂා ගුරුවරුන් විසින් මෙහෙයවනු ලබයි.

ජපන් භාෂා ප්‍රවීනත්වය හෙවත් N4 හෝ JLPT 4 සමත් කාන්තාවන් සාත්තු සේවය සඳහා ජපන් තාක්ෂණික සීමාවාසික පුහුණුව සඳහා තෝරා ගැනේ.

මේ සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින් අවු 18-30 අතර අ.පො.ස උසස් පෙළ හදාරා ඇති අය විය යුතුයි.

 

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site