Home News Breaking ජාඇල ලක්ෂ 15 කොල්ලයේ සැකකරුවන් සිව්දෙනාට වැඩ වරදියි

ජාඇල ලක්ෂ 15 කොල්ලයේ සැකකරුවන් සිව්දෙනාට වැඩ වරදියි

177 views

ජාඇල ප්‍රදේශයේ සිදුවූ මුදල් කොල්ලකෑමකට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2016 වසරේ තුන්වන මස 04 වන දින ජාඇල ප්‍රදේශයේ පිහිටි මුල්‍ය ආයතනයක රථගාලේ දී පුද්ගලයෙකුට පිහියකින් ඇණ රුපියල් ලක්ෂ 15ක මුදලක් කොල්ලකා ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව කොල්ලකෑමට පැමිණි යතුරුපැදිය සහ ඊට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශය මඟින් ඊයේ (29) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් ජාඇල පොලිස් ස්ථානය වෙත භාරදී ඇති අතර සැකකරුවන් සන්තකයේ තිබී කොල්ලකෑමෙන් ලබාගත් රුපියල් ලක්ෂයක මුදලක් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 26, 30, 30 සහ 31යන වයස් සීමාවල පසුවන්නන් බව සඳහන්.

ඔවුන් අද (30) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site