Home News Breaking ජාත්‍යන්තර බැංකුවකින් මුදල් සොරා ගනියි – මෙරට රාජ්‍ය බැංකුවකට බැරවූ ඇ.ඩො. මිලියන...

ජාත්‍යන්තර බැංකුවකින් මුදල් සොරා ගනියි – මෙරට රාජ්‍ය බැංකුවකට බැරවූ ඇ.ඩො. මිලියන 1.1 ගැනත් පරීක්ෂණ

960 views

තායිවානයේ ෆා ඊස්ටන් ඉන්ටර් නැෂනල් බැංකුවේ පරිගණක පද්ධතියට ඇතුළු වී මුදල් සොරා ගැනීමේ සිද්ධියක් පිළිබඳව එරට අගමැති ලේයි චින් ටේ ගේ නියෝග මත පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

තායිවාන මාධ්‍ය වාර්තා කළේ, මෙලෙස සොරාගත් අමෙරිකානු ඩොලර් මිලියන 60 කට ආසන්න මුදල් ශ්‍රී ලංකාව, කාම්බෝජය සහ අමෙරිකා එක්සත් ජනපදයේ බැංකුවලට යවා ඇතැයි හෙළි වී ඇති බවයි.

මේ අතර ෆා ඊස්ටන් ඉන්ටර් නැෂනල් බැංකුවෙන් මෙරට රාජ්‍ය බැංකුවක පෞද්ගලික ගිණුමකට බැර වු අමෙරිකානු ඩොලර් මිලියන 1.1 ක මුදල් පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම ගිණුමෙන් රුපියල් මිලියන 8 ක පමණ මුදලක් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ එක් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ලබන බදාදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවද වාර්තා වනවා.

උසස් නිලධාරියෙකු පැවසුවේ එම පුද්ගලයා සමග මුදල් ලබා ගැනීමට පැමිණි තවත් පුද්ගලයකු පිළිබදව බැංකුවේ CCTV දර්ශන ද උපයෝගී කර ගනිමින් විමර්ශන සිදුකරන බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site