Home News Breaking ජාතික රණවිරු මාසය ප්‍රකාශයට පත් කරමින් පළමු සමරු කොඩිය ජනපතිට පළඳවයි

ජාතික රණවිරු මාසය ප්‍රකාශයට පත් කරමින් පළමු සමරු කොඩිය ජනපතිට පළඳවයි

213 views

2018 ජාතික රණවිරු මාසය ප්‍රකාශයට පත් කරමින් එහි පළමු සමරු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පැළඳවීම අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා.

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදය අවසන් කිරීමේ මානුෂීය මෙහෙයුමේදී සිය ජීවිතය මව්බිම වෙනුවෙන් පූජා කළ රණවිරුවන් සහ තම ශරීරාංග කැප කළ රණවිරුවන් සිහිපත් කිරීම මෙන්ම ඔවුන් වෙනුවෙන් කෘතගුණ සැලකීමේ අරමුණින් වාර්ෂිකව මෙම රණවිරු මාසය රජය විසින් ප්‍රකාශයට පත්කරන අතර, එයට සමගාමීව රණවිරු කොඩි අලෙවිය ද සිදු කෙරේ.

රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා විසින් මෙහි පළමු සමරු කොඩිය ජනාධිපතිවරයා වෙත පළඳවනු ලැබුවාය.

පසුගිය වසරේ කොඩි අලෙවියෙන් ලද ආදායම පළාත් ආණ්ඩුකාරවරුන් විසින් ජනාධිපතිතුමා වෙත පිරිනමනු ලැබුවා.

මෙම වසරේ රණවිරු කොඩි පළාත් ආණ්ඩුකාරවරුන් වෙත බාරදීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා.

අද සිට ජූනි 02 වනදා දක්වා ක්‍රීයාත්මක වන පරිදි රණවිරු මාසය ප්‍රකාශයට පත් කිරීම ඉන් අනතුරුව ජනාධිපතිවරයා අතින් සිදුවිය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ වසර 03 ක ප්‍රගතිය පිළිබඳ භාෂා 03කින් සැකසූ ග්‍රන්ථය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන විසින් ජනාධිපතිවරයා වෙත පිලිගැන්නුවා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ද ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුථ ආරක්ෂක අංශ ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site