Home News Breaking ජාතික ලොතරැයි මණ්ඩලය රවීගෙන් ගැලවෙන ලකුණු

ජාතික ලොතරැයි මණ්ඩලය රවීගෙන් ගැලවෙන ලකුණු

SHARE

පසුගියදා සිදු කෙරුණු ඇමැති මණ්ඩල සංශෝධනයෙන් පසු එක් එක් අමාත්‍යාංශය සඳහා විෂයයන් වෙන් කිරීමේදී මෙතෙක් මුදල් අමාත්‍යාංශය යටතේ පැවැති ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ගැසට් මඟින් ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

ජාතික ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍යාංශයේ විෂය පථයෙන් ඉවත්කර විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පත්කිරීම, ලොතරැයි මණ්ඩල පනත උල්ලංඝනය කිරීමක් බැවින්, එසේ කිරීමේ නීත්‍යනුකූල භාවය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා නීත්‍යනුකූල පියවර ගැනීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

ජාතික ලොතරැයිය විදේශ කටයුතු ඇමැතිවරයා යටතට පත්කිරීමේදී, ජාතික ලොතරැයි මණ්ඩල පනත උල්ලංඝනය වී ඇත්නම් එම ලොතරැයි මණ්ඩලය මුදල් ඇමැතිවරයා යටතට පත්කරන ලෙස ඉල්ලා හෙට (03දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකරන බවද ඔහු කියා සිටියා.

අමාත්‍යාංශ සඳහා විෂයයන් බෙදීමේදී මෙතෙක් මුදල් අමාත්‍යාංශය යටතේ පැවැති ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍යාංශයෙන් ඉවත්කර විදේශ අමාත්‍යාංශය යටතට පත් කිරීම නීත්‍යනුකූල නොවන බවට නීති අංශවලද දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

ජාතික ලොතරැයි මණ්ඩල පනත 1963 සිට ක්‍රියාත්මක කිරීමෙන් පසු, මේ වන තෙක් සංශෝධන කිසිවක් එම පනතට එක්කර නොමැති බවයි නීති විශාරදයෝ පවසන්නේ.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site