Home News Breaking ටියුෂන් වෙත මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්

ටියුෂන් වෙත මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්

992 views

පෞද්ගලික අධ්‍යාපන ආයතනවල සිසුන්ට ඡන්දය භාවිත කිරීමට හැකිවන පරිදි ඡන්ද විමසීම් දිනයේදී දේශන හා විභාග ආදිය සැලසුම් කරන ලෙස මැතිවරණ කොමිසම ඉල්ලීමක් කරනවා.

ඡන්ද විමසීම පැවැත්වෙන දිස්ත්‍රික්කවල පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඡන්ද විමසීම් දිනයේදී පැවැත්වෙන විභාග හා දේශන හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අවකාශ නොලැබෙන බවට තොරතුරු වාර්තා වී ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඡන්ද විමසීම පැවත්වෙන දින දේශන හා විභාග සැලසුම් කිරීමේදී වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසම පෞද්ගලික අධ්‍යාපන ආයතන ප්‍රධානීන්ගෙන් හා පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site