Home News Breaking ඩෙංගු නම් අත්බේත් කරන්න එපා – ඉක්මනින් වෛද්‍යවරයෙක් හමුවන්න

ඩෙංගු නම් අත්බේත් කරන්න එපා – ඉක්මනින් වෛද්‍යවරයෙක් හමුවන්න

SHARE

ඩෙංගු රෝගය වැලඳී ඇතැයි දැනගත්විට අත් බෙහෙත් නොකර සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් නොපමාව උපදෙස් ලබාගන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර අවධාරණය කරනවා.

රෝගියා සිටිය යුත්තේ රෝහලේද නැත්නම් නිවෙසේදැයි එම වෛද්‍යවරයා තීරණය කරනු ඇතැයිද ඔහු කියා සිටියා.

ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වීම සහ රෝගීන් මියගියේ නිසි ප්‍රතිකාර ප්‍රමාද වීමෙන් බවත් ඒ සඳහා ආසන්නතම උදාහරණය මොරටුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාව බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ පැවැසුවේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේදී ඊයේ (10දා) පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයේදී මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න සඳහා උත්තර දෙමින්.

“ඩෙංගුවලින් මැරෙන අය වෙනත් හේතු නිසා මැරෙන්නත් පුළුවන්. ඩෙංගු මරණ ගණන රටේ මරණ අනුපාතිකයට බලපාන්නේ නැහැ. මරණ අනුපාතිකය ගණනය කරන විට සාධක ගණනාවක්ම උපයෝගී කර ගන්නවා. එහෙත් ඩෙංගු මරණ ගණන 250ක් යැයි පැවැසූවිට එය අපට දරා ගන්න බැහැ. මෙවැනි රෝගයකින් සිදුවන මරණ සංඛ්‍යාව වළක්වා ගැනීමයැයි අපේ අරමුණ”

“රෝගීන් රෝහල් ගතවීම ප්‍රමාද වන තරමට මරණ සංඛ්‍යාව වැළැක්වීම ඉතාම අපහසුයි. ඩෙංගු මදුරුවා ජාති ආගම් භේද බලන්නේ නැහැ. ඒ නිසා මේ උවදුරෙන් වැළකීම සඳහා හැමදෙනාම එක්වී කටයුතු කළ යුතුයැයි.” සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී වැඩි දුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site