Home News Breaking ඩෙංගු ශ‍්‍රමදානය අතර තුරදී හොරගොල්ල වලව්වෙන් බෝම්බයක් හමුවෙයි

ඩෙංගු ශ‍්‍රමදානය අතර තුරදී හොරගොල්ල වලව්වෙන් බෝම්බයක් හමුවෙයි

SHARE

අත්තනගල්ල හොරගොල්ල වලව්ව භූමිය සුද්ධ පවිත‍්‍ර කරමින් සිටි පිරිසකට එහි තාප්පයක් අයිනේ මල් වැටක් අද්දර තිබී ජීව අත් බෝම්බයක් හමුවී ඇතැයි නිට්ටඹුව පොලිසිය පවසනවා.

ඊයේ (30) උදේ සේවක පිරිසක් හොරගොල්ල වලව්වේ පරණ පුස්තකාලය ආසන්නයේ ඩෙංගු මැඩලීමේ ශ‍්‍රමදානයක යෙදී සිටියදී කුණු රොඩු රේක්කයකින් අදිමින් සිටියදී පොලිතින් කවරයක රදවා තිබූ මෙම බෝම්බය හමුවීමෙන් පසු ආරක්ෂක අංශ වෙත දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

එහි ආරක්ෂක අගුල මළකඩ කා ඇති බව පොලිසිය පවසනවා. මෙම බෝම්බය කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙසේ සඟවා තැබුවාදැයි අනාවරණය කර ගැනීමට නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ පවත්වන අතර අධිකරණයට කරුණු වාර්තා කර එය නි‍ෂ්කී‍්‍රය කීරිමට අවශ්‍ය කටයුතු සිදුකරන බව පොලිසිය ප්‍රකාශ කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site