Home News Breaking තබ්බෝව ජලාශයේ වාන් දොරටු 6 ඇරෙයි

තබ්බෝව ජලාශයේ වාන් දොරටු 6 ඇරෙයි

1,080 views

තබ්බෝව ජලාශ වාන් දොරටු හයක් අද(24 ) උදෑසන වන විට විවෘත කළ බව කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් ජනක තුෂාර බාලසූරිය පවසනවා.

වසර තුනකට ආසන්න කාලයක් දැඩි නියඟයකට ලක්ව තිබු පුත්තලම දිස්ත්‍රික්කයට පසුගිය දින කිපයක වර්ෂාවත් සමඟ තබ්බෝව ජලාශය පිටාර මට්ටමට පැමිණ තිබු බවත් ඒ අනුව ජලාශයේ ජල මට්ටම අඩි 17 ඉක්ම වීමත් සමඟ වාන් දොරටු විවෘත කිරීමට වාරි මාර්ග දේපාර්තුමේන්තුව කටයුතු කළ බවද ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළා.

මේ අනුව විවෘත කළ දොරටු හ‍යෙන් තප්පරයට ඝණ අඩි 1328 ක ප්‍රමානයක් මී ඔයට මුදා හැර ඇති බවත් මී ඔය හරහා පුත්තලම කළපුවට ජලය ගලා යාම සිදුවන බවද ජලාශයේ දොරටු 21 න් වැඩි ප්‍රමාණයක් විවෘත කළහොත් පහල මීඔය දෙපස ගම්මාන ජල ගැලීමකට ලක්වන බව බාලසූරිය පවසනවා.

ඒ අනුව ජනතාව පිඩාවන්ට පත් නොවන ලෙස ජලය මුදා හැරීමට කටයුතු කර ඇති බව ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site