Home News Breaking තලතා කනස්සල්ලෙන් VIDEO

තලතා කනස්සල්ලෙන් VIDEO

537 views

බන්ධනාගාරවල පවතින තත්ත්ය පිළිබදව විෂය භාර අමාත්‍යවරිය වශයෙන් තෘප්තිමත් විය නොහැකි බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකකෝරළ පවසනවා.

සමස්තයක් වශයෙන් රාජකාරිය නිසි පරිදි සිදු කරන නිලධාරින් සිටියද දුෂණ ක්‍රියා සිදු කරන සහ එම ක්‍රියාවලට සහය දක්වන නිලධාරින්ද සුළු පිරිසක් සිටින බව අමාත්‍යවරිය පැවසුවා.

ඇය මේ බව පැවසුවේ මත් ද්‍රවය භාවිතය හා නීති විරෝධි ජාවාරමට එරේහි ජාතයන්තර දිනය නිමිත්තෙන් අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සංවිධානයකර තිබු බන්ඩාරනායක ජාතයන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයට අද (04) එක්වෙමින්.

අධිකරණයේ නීති සම්පාදනයෙන් සහ බන්ධනාගාරය තුළින් මත් ද්‍රව්‍ය මැඩ පැවැත්වීම සඳහා ගත යුතු සියළු ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරිය ප්‍රකාශ කළා.

රට තුල වර්තමානයේ පවතින නීති විරෝධි ක්‍රියා පාලනය කිරිමට නම් අධිකරණය , බන්ධනාගාරය ,පොලීසිය සහ නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යාංශය එක්ව කටයුතු කල යුතු බවද අමාත්‍යවරිය මෙහිදි පැවසුවා.

නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යංශය සහ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය එක්ව මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බලකායත් සමඟ එක්ව කටයුතු කරන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් දුන බව අමාත්‍යවරිය එහිදි ප්‍රකාශ කළා.

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වු කාන්තාවන්ගේ ප්‍රතිශතය සියයට 8ක් දක්වා ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරිය එහිදි පැවසුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site